තවත් අමාත්‍යවරු පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ඊයේ(01) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"තවත් අමාත්‍යවරු පිරිසක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති"

ශ්‍රී ලංකාව ගැන චීනය දැඩි ස්ථාවරයක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව චීනය අවධාරණය කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

"ශ්‍රී ලංකාව ගැන චීනය දැඩි ස්ථාවරයක"

නව අගමැතිට පාර්ලිමේන්තුවේ අසුන පනවයි

(කොළඹ, ලංකාපුවත්) – මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී සභා ගර්භයේ අග්‍රාමත්‍යවරයාට හිමි ආසනය මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසයි.

"නව අගමැතිට පාර්ලිමේන්තුවේ අසුන පනවයි"

අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි – විශේෂ ප්‍රකාශයක් සිදු කරයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මීට ස්වල්ප වේලාවකට පෙර මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බාර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.

"අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි – විශේෂ ප්‍රකාශයක් සිදු කරයි"

නව අගමැතිට හිමි වරප්‍රසාද ලබා දෙන්නැයි සන්ධානයෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කතානායකවරයාගෙන් ඉල්ලා සිටි.

"නව අගමැතිට හිමි වරප්‍රසාද ලබා දෙන්නැයි සන්ධානයෙන් ඉල්ලීමක්"

අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

"අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ"

දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ(30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

"දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි"

මත්තෙගොඩ බැංකු කොල්ලකරුවන් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මත්තෙගොඩ මහජන බැංකු ශාඛාවේ මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

"මත්තෙගොඩ බැංකු කොල්ලකරුවන් හෙළිවෙයි"

නව ඇමැතිවරු දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –නව රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් ඊයේ (29) රාත්‍රී දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙසේය.

"නව ඇමැතිවරු දිවුරුම් දෙති"

හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂයින් සංඛ්‍යාව අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවද අඩු කිරීමට පියවර ගෙන තිබේ.

"හිටපු ඇමතිවරුන්ගේ ආරක්ෂයින් සංඛ්‍යාව අඩු කරයි"