බැදුම්කර විවාදයට පාර්ලිමේන්තුව 06වනදා රැස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා සදහන් කළේය.

"බැදුම්කර විවාදයට පාර්ලිමේන්තුව 06වනදා රැස් වෙයි"

වසර 151කට පසු සුපිරි නීල සඳක්

(කොළඹ, ලංකාපුවත්) – වසර 151 කට පසුව දැකගත හැකි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට (31) රාත්‍රියේදී දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදාවන්නේ යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

"වසර 151කට පසු සුපිරි නීල සඳක්"

වසර 2020 දක්වා ආණ්ඩුව තියෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් වසර 2020 දක්වා වත්මන් රජය පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කදුරුවෙල පැවති ජන හමුවකදී සදහන් කළේය.

"වසර 2020 දක්වා ආණ්ඩුව තියෙනවා – අගමැති"

රට බෙදීමට හෝ රට විකිණීමට සැලසුම් සකස් කළේ වත්මන් යුගයේ නොවෙයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට බෙදන සහ රට විකුණන බවට අද චෝදනා නගන්නේ ඉතිහාසයේ මේ රට පාලනය කළ කිසිදු රජකෙනෙක් හෝ ජනාධිපතිවරයෙක් සිදු නොකළ අන්දමින් රටේම කොටසක් සින්නක්කරව විදේශ රටකට පවරාදීමට සැලසුම් සකස්කළ අය වීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පවසයි.

"රට බෙදීමට හෝ රට විකිණීමට සැලසුම් සකස් කළේ වත්මන් යුගයේ නොවෙයි – ජනපති"

බැඳුම්කර වාර්තාවේ ඉදිරි කටයුතු ගැන විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) –බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

"බැඳුම්කර වාර්තාවේ ඉදිරි කටයුතු ගැන විශේෂ පක්ෂ නායක රැස්වීමක්"

දැන් පොලිසිය නිර්දේශපාලනිකයි – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – පොලීසියට වෘත්තීමය නිදහස ලබා දී තිබෙන අවස්ථාවක දී පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය පොලීසියේ දුර්වලතාවක් බවත් පොලීසිය ස්වාධීනව කටයුතු කළ යුතු බව තමා නැවත නැවතත් ප්‍රකාශ කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

"දැන් පොලිසිය නිර්දේශපාලනිකයි – ඇමති සාගල"

සෑම මැතිවරණයක දීම ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාත්මක කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –බංකොලොත් දේශපාලනයෙන් මිදී තම සැලසුම් සෑම මැතිවරණයකම ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කරමින් සැම විටම ජනතා සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"සෑම මැතිවරණයක දීම ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාත්මක කරනවා – අගමැති"

ඡන්දය කල්දැමීමට සූදානමක් නැහැ – මහින්ද දේශප්‍රිය

(කොළඹ, ලංකාපුවත්) – වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් ක‍ළේය.

"ඡන්දය කල්දැමීමට සූදානමක් නැහැ – මහින්ද දේශප්‍රිය"

ආචාර්ය ධර්මසේන පතිරාජ අභවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දෙස් විදෙස් කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහා සිනමාවේදියකු වන ආචාර්ය ධර්මසිරි පතිරාජ මහතා අද (28) මහනුවර දී අභවප්‍රාප්ත වී ඇත.

"ආචාර්ය ධර්මසේන පතිරාජ අභවප්‍රාප්ත වෙයි"

මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 28ක් සමඟ නයිජීරියානු කාන්තාවක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

"මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට"