තෙල් මිල වැඩිකරන්නේ නැහැ – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන තුන්සියයක ණය කාරයෙකු බවට පත්වී සිටියත් ජනතාවට සහන මිලට ඉන්ධන. ලබාදීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව තෙල් සංස්ථා සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.

"තෙල් මිල වැඩිකරන්නේ නැහැ – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති"

ජාතිවාදීන්ට ඇමති මංගලගෙන් දැඩි පිළිතුරක්

‍(කොළඹ, ලංකාපුවත්) –හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූපයට යළි යළිත් පෙන්නුම් කරන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"ජාතිවාදීන්ට ඇමති මංගලගෙන් දැඩි පිළිතුරක්"

දෝහා කටාර්හි දී ජනපති අධ්‍යාපනයේ වැදගත්කම කියයි

‍(කොළඹ, ලංකාපුවත්) –කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(25) පස්වරුවේ දෝහා නගරයේ ස්ටැෆර්ඞ් ශී‍්‍ර ලංකන් පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

"දෝහා කටාර්හි දී ජනපති අධ්‍යාපනයේ වැදගත්කම කියයි"

ශ්‍රී ලංකාව සහ කටාර් අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ කටාර් විදේශ අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani මහතා අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

"ශ්‍රී ලංකාව සහ කටාර් අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය"

නව නාවික හමුදාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර තිබේ.

"නව නාවික හමුදාපතිවරයෙක්"

ළමා අපයෝජන වාර්තාකරණය ගැන තවදුරටත් මහජන අදහස් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ළමා අපයෝජන පිළිබඳ/ළමා සැකකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍යවේදීන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටුම්පත් කර ඇති මාර්ගෝපදේශ සංග‍්‍රහය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කර ඇතැයි ජාතික ළමා ආරක්‍ෂන අධිකාරිය සදහන් කරයි.

"ළමා අපයෝජන වාර්තාකරණය ගැන තවදුරටත් මහජන අදහස් ඉල්ලයි"

ජනපතිට කටාර් රාජ්‍යයේදී උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයේ රජු වන තමීන් බින් අහමඩ් අල් තානි රජුගේ ආරාධනය පරිදි කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (24) රාති‍්‍රයේ ඩෝහා නගරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

"ජනපතිට කටාර් රාජ්‍යයේදී උණුසුම් පිළිගැනීමක්"

කොළඹ ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ජාතික රෝහලේ ඉදිකළ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

"කොළඹ ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනතා අයිතියට"

වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති

(කොළඹ, ලංකාපුවත්) – වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගැනීමට රජය ප‍්‍රමාදයකින් තොරව කටයුතු කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

"වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති"

ජනපති කටාර්හි දෙදින නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය බලා අද(24) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

"ජනපති කටාර්හි දෙදින නිල සංචාරයක"