APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්ලැටිනම් ප්‍රමිතිය

(කොළඹ, ලංකාපුවත්) –පශ්චාත් කෝවිඩ් සමය තුළ සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳ සිදුකළ පූර්ණ ස්වාධීන පරීක්ෂාවකින් පසුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතිය හිමිව තිබේ.

"APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්ලැටිනම් ප්‍රමිතිය"

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණ.

"දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත වෙයි"

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය – 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

"ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්"

පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා – මහ ලේකම් ධම්මික දසනායක

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කර සිටී.

"පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරනවා – මහ ලේකම් ධම්මික දසනායක"

ප්‍රතිසංස්කරණය කළ තර්ස්ටන් විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල අගමැතිගේ සුරතින් සිසු අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වැනි උපන් දිනයට සමගාමීව ප්‍රතිසංස්කරණය කළ එම විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) විවෘත විය.

"ප්‍රතිසංස්කරණය කළ තර්ස්ටන් විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල අගමැතිගේ සුරතින් සිසු අයිතියට"

සමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා -බංගලාදේශ එකඟත්වය

(කොළඹ, ලංකාපුවත්) –බංග්ලාදේශ් මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා (Tareq Md. ArifulIslam) අද (11) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

"සමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා -බංගලාදේශ එකඟත්වය"

පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව අද(11) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

"පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්"

ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

"ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනපති කියයි"

දශක කිහිපයක් මඟහැරුණු ඉරුදෙණියාය ජනතා ගැටලුවලට අගමැතිගෙන් ස්ථීර විසදුම්

(කොළඹ, ලංකාපුවත්) –පොල්පිතිගම, ඉරුදෙණියාය ප්‍රදේශයේ ජනතාව දශක කිහිපයක් තිස්සේ විසඳුම් නොලද ඉඩම් ගැටලුව ඇතුලු ජනතා ගැටලු රැසකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී අද (09) විසඳුම් ලබා දුන්නේය.

"දශක කිහිපයක් මඟහැරුණු ඉරුදෙණියාය ජනතා ගැටලුවලට අගමැතිගෙන් ස්ථීර විසදුම්"

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම ඊයේ(08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

"අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙයි"