සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ.

"සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ"

අංගොඩ ලොක්කාගේ සිද්ධිය ගැන විමර්ශන කල් යන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවකු වන “අංගොඩ ලොක්කා”ගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනය සිදු කළ ඉන්දීය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

"අංගොඩ ලොක්කාගේ සිද්ධිය ගැන විමර්ශන කල් යන ලකුණු"

ජාතික යොවුන් සේනාංකය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අතර ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාව මූලික පුනරුත්ථාපන, ප්‍රතිකාර සහ පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන්වලින් අනතුරුව සමාජගත කිරීම පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගී අවබෝධතා ගිවිසුම,ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා එක්ව අත්සන් තැබීම පසුගියදා (14) ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිදු විය.

"ජාතික යොවුන් සේනාංකය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අතර ගිවිසුමක්"

අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරී කටයුතු ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (18) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.

"අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරී කටයුතු ආරම්භ කරයි"

‘ලඩියා‘ ගේ සමීපතමයෙකු වන ‘සුද්දා‘ STF අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නලින් චතුරංග නොහොත් “ලඩියා” යන අයගේ සමීපතමයෙකු ලෙස සැළකෙන යොහාන් ප්‍රදීප් කුමාර නොහොත් “සුද්දා” නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"‘ලඩියා‘ ගේ සමීපතමයෙකු වන ‘සුද්දා‘ STF අත්අඩංගුවට"

ජල, විදුලි සැපයුම යථාතත්ත්වයට – විමර්ශන කමිටුව අද රැස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම ගැන විමර්ශනය කරන කමිටුව අද රැස්වීමට නියමිතයි.

"ජල, විදුලි සැපයුම යථාතත්ත්වයට – විමර්ශන කමිටුව අද රැස් වෙයි"

රුවන් විජේවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

"රුවන් විජේවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට"

අධිකරණ ඇමති රාජකාරී කටයුතු අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද (17) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

"අධිකරණ ඇමති රාජකාරී කටයුතු අරඹයි"

පාස්කු කොමිසමෙන් මෛත්‍රීට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම කොමිසමේ පොලිස් ඒකකයට අගෝස්තු 26 වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දීමක් කර ඇත.

"පාස්කු කොමිසමෙන් මෛත්‍රීට දැනුම් දීමක්"