එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 02ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ(06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුටව ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 02ක් අත්අඩංගුවට"

මත්ද්‍රව්‍ය රැසක් සමඟ බන්ධනාගාර නියාමකවරයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) –අඟුණකොළපැලැස්ස පොලිස් වසමේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඇතුළුවන පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් පරික්ෂා කරමින් සිටින අවස්ථාවේදී බන්ධනාගාර නියාමක වරයෙකු ගේ සන්තකේ තිබී හෙරොයින්, ගංජා සහ මත් පෙති සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

"මත්ද්‍රව්‍ය රැසක් සමඟ බන්ධනාගාර නියාමකවරයෙක් දැලේ"

‘දරුවන් සුරකිමු -ජාතික භාර අරමුදල’ වෙනුවෙන් ලොතරැයියක්

(කොළඹ, ලංකාපුවත්) –’දරුවන් සුරකිමු -ජාතික භාර අරමුදල’ට අඛණ්ඩව මුදල් ආධාර ලබා ගැනීම සඳහා‍ ලොතරැයි පතක් එළිදැක්වීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

"‘දරුවන් සුරකිමු -ජාතික භාර අරමුදල’ වෙනුවෙන් ලොතරැයියක්"

කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ ඊයේ (05) පැවැත්වූ සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ, ඊයේ රාති‍්‍රයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.

"කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට"

ශ්‍රී ලංකා – නවසීලන්ත අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සදහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෘ ලිට්ල් (ANDREW LITTLE ) මහතා අතර හමුවක් පසුගියදා(04) කොළඹදී සිදු විය.

"ශ්‍රී ලංකා – නවසීලන්ත අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කිරීමට අවධානය"

ඡන්ද පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව

(කොළඹ, ලංකාපුවත්) – නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

"ඡන්ද පත්‍රිකා බෙදාහරින තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව"

අද වැසි තත්ත්වයේ අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) –අද (06) දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

"අද වැසි තත්ත්වයේ අඩුවීමක්"

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට ලංගම බස් 1100ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

"ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට ලංගම බස් 1100ක්"

කාශ්‍යප හිමි උපවාසය අත්හරී

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අතහැර දමා තිබේ.

"කාශ්‍යප හිමි උපවාසය අත්හරී"

දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 04ක්

(කොළඹ, ලංකාපුවත්) –දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 04ක්"