අන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා, අපයෝජනය කළ 07ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් ළමයින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන කණ්ඩායමක් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

"අන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා, අපයෝජනය කළ 07ක් අත්අඩංගුවට"

දඹුල්ල මාතලේ A 09 මාර්ගයේ බස් අනතුරකින් කුඩා දරුවෙක් මරුට – 40කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ල මාතලේ A 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද (21 ) දින උදැසන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් 40දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

"දඹුල්ල මාතලේ A 09 මාර්ගයේ බස් අනතුරකින් කුඩා දරුවෙක් මරුට – 40කට තුවාල"

පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරදී ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන මෙන් තමන් ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියෝ ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ.

"පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක්"

අතුරුදහන්වු කඩවත පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදහන්වු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

"අතුරුදහන්වු කඩවත පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු හමුවෙයි"

අල්ලස් චෝදනාවකට විනිසුරු සුනිල් අබේසිංහට වසර 16 ක සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් ලක්ෂ 03 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරුවන් වූ හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම් නියම කරයි.

"අල්ලස් චෝදනාවකට විනිසුරු සුනිල් අබේසිංහට වසර 16 ක සිරදඬුවම්"

පිදුරුතලාගලට ගිනි වැලකුම් වැටක්

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය පිදුරුතලාගල අධි සංවේදී වනාන්තරය හදිසි ගිනි ගැනීම් වලින් ආරක්ෂා කිරීමට ගිනි වැලකුම් වැටියක් සැකසීමට නුවරඑළිය දිසා අඩවි වන නිලධාරි කාර්යාලය විසින් පසුගිය දා ආරම්භ කරන ලදි.

"පිදුරුතලාගලට ගිනි වැලකුම් වැටක්"

අධිවේගයේ බරවකුඹුක දක්වා කොටස 23දා විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියර වන මාතර, ගොඩගම සිට බරවකුඹුක දක්වා මාර්ගය ලබන ඉරිදා (23) ප.ව 3.00ට විවෘත කෙරේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

"අධිවේගයේ බරවකුඹුක දක්වා කොටස 23දා විවෘත වෙයි"

මත් උවදුර මර්දනයට නැගෙනහිර පළාතේ විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මත් උවදුර මැඩලීම සඳහා කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය. එවැනි දේශපාලන බලපෑම් ඇත්නම් වහාම ඒ බව තමාට දැනුම් දෙන ලෙසත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.මත් උවදුරෙන් සිය පළාත මෙන්ම රටේ ජනතාව බේරා ගැනීම සඳහා ද සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය

"මත් උවදුර මර්දනයට නැගෙනහිර පළාතේ විශේෂ වැඩපිළිවෙලක්"

මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක්

(කොළඹ, ලංකාපුවත්) – මීගමුව ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රමුඛ පෙලේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 2078 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

"මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක්"

සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩි දියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

"සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් මාලාවක්"