මැතිවරණයේ ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාව

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

"මැතිවරණයේ ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාව"

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.

"මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද ජනපති අතින් ජනතා අයිතියට"

ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් වාර්තාවක් තැබූ දරුවා ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා අද (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

"ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් වාර්තාවක් තැබූ දරුවා ජනපති හමු වෙයි"

සපුගස්කන්ද සිදුවීම ගැන ඇමති සාගල නියමයෙන් විශේෂ විමර්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – සපුගස්කන්ද පොලිස් ස්ථානයේදී සිදුවූ බව කියන ජවිපෙ පළාත් සභා මන්ත්‍රී අශෝක රංවලගේ මහතා සම්බන්ධ සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ අපරාධ කොටඨාසයට (CCD)නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කර ඇත.

"සපුගස්කන්ද සිදුවීම ගැන ඇමති සාගල නියමයෙන් විශේෂ විමර්ෂණයක්"

ඉදිරි නියඟයට මුහුණ දෙන්න මිලියන 235ක පානීය ජල බවුසර්

(කොළඹ, ලංකාපුවත්) – සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ රජයේ වැඩසටහනට අනුව නියං කාලවලදී ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි ජල බවුසර් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

"ඉදිරි නියඟයට මුහුණ දෙන්න මිලියන 235ක පානීය ජල බවුසර්"

සකුරා ශාකය සිටවීමේ ව්‍යාපෘතියකට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලය විසින් සකුරා ශාකය සිටවීමේ ව්‍යාපෘතියට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගෙන ඇත.

"සකුරා ශාකය සිටවීමේ ව්‍යාපෘතියකට බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගැනේ"

තහනම් කරන ලද පොලිතීන් වැටලීම් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රජය විසින් ගනු ලැබු තීරණයකට අනුව, 2017 සැප්තැම්බර් 01 දින සිට අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව සියළුම ආකාරයේ පොලිඑතලීන්, පොලිප්‍රොපලීන් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනමට ලක්කෙරුණු අතර, සහන කාලයෙන් අනතුරුව එම නිතීය මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

"තහනම් කරන ලද පොලිතීන් වැටලීම් ඇරඹේ"

ජපන් විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවට අද එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.

"ජපන් විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවට අද එයි"

සියලු විදුලි බලාගාර හා විදුලි උපපොලවල්වල දත්ත පාලනය කළ හැකි නව මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති සියළුම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල්වල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජවයර්ධනපුර නව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය මෙම මාසයේදී විවෘත කිරීමට හැකි බව විදුලි බල හා පුනර්ජණනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

"සියලු විදුලි බලාගාර හා විදුලි උපපොලවල්වල දත්ත පාලනය කළ හැකි නව මධ්‍යස්ථානයක්"

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ තවත් පිරිසක් ජනපති හා එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළකිරීමට එක්විය.

"ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ තවත් පිරිසක් ජනපති හා එක්වෙයි"