මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදාත් වැඩ

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දෙයි.

"මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදාත් වැඩ"

අප්‍රේල් 01 සිට වතු කම්කරු වැටුප ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස පළමුවැනිදා සිට වතු කම්කරුවන් සඳහා රුපියල් පනහක විශේෂ දිමනාවක් ලබා දීමට තීරරණය කර ඇති බවත් ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 800ක් දක්වා වැඩි වන බවත් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

"අප්‍රේල් 01 සිට වතු කම්කරු වැටුප ඉහළට"

ජගත් මානව හිමිකම් සැසිවාරයට විදේශ ඇමති ඇතුළු පස් දෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් පිලිබද මහකොමසාරිස්වරියගේ කාර්යාලය සකස්කළ ශ‍්‍රී ලංකාව පිලිබද වාර්තාව සලකා බැලීම ලබන 20 වනදා සිදුකරන බව විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය. ඒ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදීය.

"ජගත් මානව හිමිකම් සැසිවාරයට විදේශ ඇමති ඇතුළු පස් දෙනෙක්"

‘සිසු සැරිය’ට බස් 100ක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් දරුවන්ගේ ගමනා ගමන පහසුව සඳහා ‘සිසු සැරිය’ බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

"‘සිසු සැරිය’ට බස් 100ක්"

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවිම ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

"මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්"

නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අක්ෂි කාච ලක්ෂයක් නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී තිබේ.

"නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්"

‘ජී බුම්බා‘ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නොහොත් ‘ජී බුම්බා‘ 33 නමැති හැවිරිදි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.

"‘ජී බුම්බා‘ අත්අඩංගුවට"

අයවැයෙන් උතුරටත් මුදල් වෙන් කර තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) – උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අප ලත් ජයග්‍රහනයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.

"අයවැයෙන් උතුරටත් මුදල් වෙන් කර තිබෙනවා"

ඇමති රිෂාඩ්ගේ, සංවිධායකගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – තමා ජීවත්වන මට්ටක්කුලිය නිවසට අද(12) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව බස්නාහිර පලාත්සභා මන්ත්‍රී (සමස්ත ලංකා මහජන කොංග්‍රසය) මොහොමඩ් ෆායිස් මහතා පවසයි.

"ඇමති රිෂාඩ්ගේ, සංවිධායකගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්"