දක්ෂිණ අධිවේගයේ නවතා තිබූ ලොරියක අත්බෝම්බ 02ක්

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පාලම අසළ දී නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

"දක්ෂිණ අධිවේගයේ නවතා තිබූ ලොරියක අත්බෝම්බ 02ක්"

ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව ගැන පොලිස්පති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන 05 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව, මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

"ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව ගැන පොලිස්පති කියයි"

අපරාධ කළ අය නීතියට බියෙන් ජනතාව වීදී බැස්සවීමට උත්සාහ දරනවා – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) – බරපතල වංචා දූෂණ නඩු විභාග කරන විශේෂ අධිකරණ මගින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බැවින් පසුගිය සමයේ ජනතා මුදල් සොරකම් කරමින් කටයුතු කළ පිරිස් කළබළ වී ජනතාව වීදි බස්සා ඔවුන්ට එරෙහිව ඇති වංචා, දූෂණ අපරාධ නඩුවලින් බේරීමට උද්ඝෝෂණ සංවිධානය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"අපරාධ කළ අය නීතියට බියෙන් ජනතාව වීදී බැස්සවීමට උත්සාහ දරනවා – ඇමති අකිල"

ව්‍යාජ නෝට්ටු 13ක් සමග පිටකොටුවේදී අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව බැස්ටියන් මාවතේ දී රුපියල් 5000ක ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමග සැකකරුවෙකු අද(03) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

"ව්‍යාජ නෝට්ටු 13ක් සමග පිටකොටුවේදී අයෙක් අත්අඩංගුවට"

නව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

"නව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක්"

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ අද (03) නියෝග කළේය.

"ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්"

කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය, නි. ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – බස් මගීන් මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ලබාගැනීමට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ඉල්ලීමක් සිදු කර ඇත.

"කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය, නි. ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි"

දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා සීල් තියලා තියෙන්නේ- ඇමති වජිර

(කොළඹ, ලංකාපුවත්) – “ අපේ ඇතැම් දේශපලාකයන් මහජනතාව දෙන බලය අරගෙන ගිහින් තැන් තැන්වල උගස් කරන්න හදනවා. ජනතාවටත් දේශපාලකයන්ටත් මේ රටේ දේශපාලනය ගැන ලොකු දැනුමක් නැති නිසා තමයිමෙහෙම වෙන්නේ . ඒ් නිසා අපි දේහපාලනයේ විනය හදන්න අවශ්‍යයි. ඒ සඳහා අපි බලයට පත්වූ වහාම ව්‍යවස්ථාව වෙනස් කළා. ” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

"දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා සීල් තියලා තියෙන්නේ- ඇමති වජිර"

විශේෂ සුනාමි පෙරහුරුවක් ලබන බදාදා

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක් ආවරණ වන පරිදි සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට නියමිතය. එම පෙරහුරුව ලබන 05වනදා අම්පාර, මුලතිව් හා ගාල්ල යන දිස්ති‍්‍රක්ක මූලික කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

"විශේෂ සුනාමි පෙරහුරුවක් ලබන බදාදා"

වැටුප් කොමිසම අද සිට වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද(03) සිට ආරම්භ කිරීමට නියමිතය.

"වැටුප් කොමිසම අද සිට වැඩ අරඹයි"