මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී"

අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන්නා වූ සේවාවන් පවත්වා ගැනීම සඳහා වන අතිගරු ජනධිපතිතුමා විසින් නිකුත් කළ ප්‍රකාශය අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කළේ ය. ජනජීවිතයට අත්‍යවශ්‍ය වන්නා වූ සේවාවක් වන පහත උපලේඛනයේ දක්ව ඇති සේවාවන් පවත්වාගෙන යාම මහජන යහපත සඳහා අවශ්‍ය බවට තීරණය කර ඇති හෙයින් ද එකී උපලේඛනයේ දක්වා ඇති සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරන්නා…

"අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට"

මැයි දිනය, වෙසක් හා පොසොන් දිනවල පොලිතීන් භාවිතයෙන් වැළකී සිටින්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී එළඹෙන මැයි දිනය සහ වෙසක් හා පොසොන් උත්සව සමයේදී පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතයෙන් වැළැකී සිටින ලෙස “නැණවත් කසළ කළමනාකරණයක් උදෙසා පුරවැසි එකතුවක් යන මැයෙන් දර්ශනපති පූජ්‍ය හැදිගල්ලේ විමලසාර හිමි ඇතුළු පාරිසරික විද්‍යා ‍ලේඛක නාලක ගුණවර්ධන සහ රසායිනික විද්‍යාඥ හේමන්ත විතානගේ යන මහත්වරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"මැයි දිනය, වෙසක් හා පොසොන් දිනවල පොලිතීන් භාවිතයෙන් වැළකී සිටින්නැයි ඉල්ලීමක්"

GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඊයේ(27) පරාජයට පත් විය.

"GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි"

ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියන් සාගරයේ ආර්ථික, වෙළද, සමාජීය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දු – ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරුන් අතර ඊයේ (26) පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය විය.

"ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය"

නිදහස් පක්‍ෂ මැයි රැළිය අවසන් වූ වහාම මැති ඇමැති වරුන් ශ්‍රමදානයක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන මෙවර මැයි රැළිය ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වයක් සහිත මැයි රැළිය වන නිසා එදින මහනුවර හරහා යන පුද්ගලික ගමන් වලින් වළකින ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

"නිදහස් පක්‍ෂ මැයි රැළිය අවසන් වූ වහාම මැති ඇමැති වරුන් ශ්‍රමදානයක"

විදුලියේ වැඩ බලන්න ගනේගල එයි

(කොළඹ, ලංකාපුවත්) – විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එහි වැඩබලන සභාපති ලෙස ඩබ්. බී. ගනේගල මහතා පත්කර තිබේ.

"විදුලියේ වැඩ බලන්න ගනේගල එයි"

පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලවකවානුව තුළ විවිධ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැළසීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබුණු කාලය ලබන මැයි 01 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

"පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ වෙයි"

ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කිරීමට ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –ඔටිසම් රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ පුහුණු කිරීමට සඳහා ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් මේ වසර අවසන්වීමට පෙර ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

"ඔටිසම් දරුවන්ට ප්‍රතිකාර කිරීමට ජාතික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්"

ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික කටයුතුවලදී සහයෝගය දැක්වීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

"ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය"