මැයි රැළියට පැමිණි ආධාරකරුවන් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

"මැයි රැළියට පැමිණි ආධාරකරුවන් දෙදෙනෙක් මරුට"

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය “Lanka Stat”ලෙස 2017 අප්‍රේල් මස 26වන දින එළිදක්වන ලද බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

"ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් එළිදක්වයි"

කරදියානට කසළ බැහැර කිරීම වළක්වාලමින් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහ නගරසභාවේ කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට(29) සිට අත්හිටුවන ලෙසට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

"කරදියානට කසළ බැහැර කිරීම වළක්වාලමින් නියෝගයක්"

ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඉරිදා(30) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි"

මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – නැවත නායයෑමක් ඇති නොවන ආකාරයට මීතොටමුල්ල කසළ කන්ද ඉදිරි මාස හය හත තුළ පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"මීතොටමුල්ල කසළ කන්ද පුනරුත්ථාපනය කිරීමට ක්‍රියාකරනවා – ඇමති පාඨලී"

අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන්නා වූ සේවාවන් පවත්වා ගැනීම සඳහා වන අතිගරු ජනධිපතිතුමා විසින් නිකුත් කළ ප්‍රකාශය අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කළේ ය. ජනජීවිතයට අත්‍යවශ්‍ය වන්නා වූ සේවාවක් වන පහත උපලේඛනයේ දක්ව ඇති සේවාවන් පවත්වාගෙන යාම මහජන යහපත සඳහා අවශ්‍ය බවට තීරණය කර ඇති හෙයින් ද එකී උපලේඛනයේ දක්වා ඇති සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරන්නා…

"අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට"

මැයි දිනය, වෙසක් හා පොසොන් දිනවල පොලිතීන් භාවිතයෙන් වැළකී සිටින්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී එළඹෙන මැයි දිනය සහ වෙසක් හා පොසොන් උත්සව සමයේදී පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතයෙන් වැළැකී සිටින ලෙස “නැණවත් කසළ කළමනාකරණයක් උදෙසා පුරවැසි එකතුවක් යන මැයෙන් දර්ශනපති පූජ්‍ය හැදිගල්ලේ විමලසාර හිමි ඇතුළු පාරිසරික විද්‍යා ‍ලේඛක නාලක ගුණවර්ධන සහ රසායිනික විද්‍යාඥ හේමන්ත විතානගේ යන මහත්වරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"මැයි දිනය, වෙසක් හා පොසොන් දිනවල පොලිතීන් භාවිතයෙන් වැළකී සිටින්නැයි ඉල්ලීමක්"

GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඊයේ(27) පරාජයට පත් විය.

"GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි"

ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියන් සාගරයේ ආර්ථික, වෙළද, සමාජීය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දු – ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරුන් අතර ඊයේ (26) පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය විය.

"ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය"

නිදහස් පක්‍ෂ මැයි රැළිය අවසන් වූ වහාම මැති ඇමැති වරුන් ශ්‍රමදානයක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන මෙවර මැයි රැළිය ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වයක් සහිත මැයි රැළිය වන නිසා එදින මහනුවර හරහා යන පුද්ගලික ගමන් වලින් වළකින ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

"නිදහස් පක්‍ෂ මැයි රැළිය අවසන් වූ වහාම මැති ඇමැති වරුන් ශ්‍රමදානයක"