ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – අදට (31) යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

"ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට"

වවුනියාවේදී බිළිඳෙකු පැහැර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – වවුනියාව – ටොනිකල් ප්‍රදේශයේ ගුඩ්ෂෙඞ් පාරේ පිහිටි නිවසකදී අද (31) අලුයම මාස 8 ක බිළිඳෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පැවසීය.

"වවුනියාවේදී බිළිඳෙකු පැහැර ගනියි"

රුපියල් හයකෝටියක රන් බිස්කට් රේගු භාරයට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් හයකෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් සමඟ පෝලන්ත ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අද(31) අත්අඩංගුවට ගනු ලැබීය.

"රුපියල් හයකෝටියක රන් බිස්කට් රේගු භාරයට"

කැළණි ගං ඉවුරෙහි පදිංචි අනවසර පදිංචි කරුවන්ට සහණ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත් කැලණිය පෙතියාගොඩ වාරිමාර්ග වේල්ල හා සොරොව්ව අසල අනවසරයෙන් පදිංචි පවුල් 50ක් පමණ ආපදාවට පත්විය.

"කැළණි ගං ඉවුරෙහි පදිංචි අනවසර පදිංචි කරුවන්ට සහණ"

රන් මාල කොල්ල කෑම් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මීගමුව, කටාන, කටුනායක හා කොච්චිකඩේ යන ප්‍රදේශවල සිදු කළ රන් මාල කොල්ල කෑම් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

"රන් මාල කොල්ල කෑම් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අල්ලයි"

විදුලිය සියයට 60ක් ජලවිදුලි බලාගාරවලින්

(කොළඹ, ලංකාපුවත්) –කඳුකර ප්‍රදේශයට පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව නිසා කාසල්රී සහ මාවුස්සාකැලේ විදුලි බලාගාර ජලාශ පිරීගොස් ඇති නිසා මේ දිනවල රටට අවශ්‍ය විදුලියෙන් සියයට 60%ක් ජල විදුලි බලාගාර මඟින් නිපදවීමට හැකි වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

"විදුලිය සියයට 60ක් ජලවිදුලි බලාගාරවලින්"

පවුලේ සමාජිකයින් කපා කොටා මාස 06ක බිළිදා ඝාතනය කළ පුද්ගලයෙකු සියදිවි නසා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ නිවසක ස්වාමි පුරුෂයා විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ කුඩා පිරිමි දරුවාට ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන ඇත.

"පවුලේ සමාජිකයින් කපා කොටා මාස 06ක බිළිදා ඝාතනය කළ පුද්ගලයෙකු සියදිවි නසා ගනියි"

කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග දෙකක් ඉදිකිරීම සදහා වන ගිවිසුමට අද (30) අත්සන් තබන ලදි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකෙරුණි.

"කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග"

දුම්රිය දේපලවලට හානි කිරිම සෙවිම සී.අයි.ඩී යට

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ වැඩ වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීමේ සිද්ධි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

"දුම්රිය දේපලවලට හානි කිරිම සෙවිම සී.අයි.ඩී යට"