ගෝඨාභයට එරෙහි පෙත්සමේ නියෝගය අද සවස 6ට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අද (04) පස්වරු 6.00 ට සිදු කරන බව නිවේදනය කර ඇත.

"ගෝඨාභයට එරෙහි පෙත්සමේ නියෝගය අද සවස 6ට"

බීමත් සැමියා බිරිඳට-නැන්දණියට හා පියාට පිහියෙන් අණියි

(කොළඹ, ලංකාපුවත්) – නිවසක බීමතින් සිටි පුද්ගලයෙකු විසින් පිහියකින් ඇණ තම පියා සහ නැන්දනිය ඝාතනය කර ඇත.

"බීමත් සැමියා බිරිඳට-නැන්දණියට හා පියාට පිහියෙන් අණියි"

යාපනයේ අවතැන්වූවන් සඳහා නිවාස

(කොළඹ, ලංකාපුවත්) –යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති දිගුකාලීනව අභ්‍යන්තර අවතැන්වූවන් සඳහා නිවාස ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණ.

"යාපනයේ අවතැන්වූවන් සඳහා නිවාස"

සවස් කාලයේ දී වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"සවස් කාලයේ දී වැස්ස"

“දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10ක්

(කොළඹ, ලංකාපුවත්) – අසරණ දරුවන් ආරක්‍ෂා කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පත අදට(01) යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත පරිත්‍යාග කළේය.

"“දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10ක්"

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි"

පාකිස්ථාන සෙනෙට් සභාවේ උප සභාපති – අගමැති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථානයේ සෙනෙට් සභාවේ උප සභාපති සලිම් මැන්ඩ්විවලා (Mr. Saleem Mandviwalla ) මහතා අතර හමුවක් ඊයේ(17) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

"පාකිස්ථාන සෙනෙට් සභාවේ උප සභාපති – අගමැති හමුවක්"

ටී 56 අවියක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ටී. 56 ගිනිඅවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන ඇත.

"ටී 56 අවියක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ"

බුදු මැදුරක් පිටුපස ගිනිඅවියක් සොයා ගනී

(කොළඹ, ලංකාපුවත්) – බුදු මැදුරක් පිටුපස තිබී විදේශ රටක නිෂ්පාදිත 9MM වර්ගයේ පිස්තෝලයක් සහ හිස් පතරොම් ගැබක් සොයාගෙන තිබේ.

"බුදු මැදුරක් පිටුපස ගිනිඅවියක් සොයා ගනී"

දෙමටගොඩ නිවාස සංකීර්ණයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – දෙමටගොඩ, ආරාමය පෙදෙස පිහිටි මහල් නිවාස සංකීර්ණයක 05වන මහලේ හදිසි ගින්නක් හටගෙන ඇත.

"දෙමටගොඩ නිවාස සංකීර්ණයක ගින්නක්"