චීන කැඩපත සඟරාව ඇමති සරත් වීරසේකරට පිළිගන්වයි

(ලංකාපුවත් | කොළඹ) –සිංහල, ඉංග්‍රීසි හා චින යන භෂා ත්‍රිත්වයෙන් ප්‍රකාශයට පත්කරන චීන කැඩපත සඟරාවේ (China Mirror) විශේෂ කලාපයක් එහි ප්‍රධාන සංස්කාරක මධුශාන් කුලරත්න මහතා විසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට එම අමාත්‍යාංශයේදි පසුගියදා (20) පිරිනමන ලදි.

"චීන කැඩපත සඟරාව ඇමති සරත් වීරසේකරට පිළිගන්වයි"

මෙරට පළමු ආදර්ශ සෝර්ජාන් වගා ව්‍යාපෘතිය ඇරඹේ

(ලංකාපුවත් | කොළඹ) – වත්මන් රජය යටතේ ඉදි කරන ලද පළමු ආදර්ශ සෝර්ජාන් ව්‍යාපෘතිය අද (21) කිරිබත්ගොඩ ඇවිදින මංතීරුව අසළ දී ආරම්භ විය.

"මෙරට පළමු ආදර්ශ සෝර්ජාන් වගා ව්‍යාපෘතිය ඇරඹේ"

රංජනි ජයකොඩි කෘෂිකර්ම අමාත්‍යංශයට

(ලංකාපුවත් | කොළඹ) – පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ.

"රංජනි ජයකොඩි කෘෂිකර්ම අමාත්‍යංශයට"

පරිසර අමාත්‍යංශයේ ජාතික පරිසර සභාව පත් කරයි

(ලංකාපුවත් | කොළඹ) – පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය අද( 29) පත් කරනු ලැබීය. ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වේ.

"පරිසර අමාත්‍යංශයේ ජාතික පරිසර සභාව පත් කරයි"

පාරු අනතුරට සැකකරුවන් 03ක් අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) –කින්නියා ප්‍රදේශයේ කුරින්ජන්කේනි කලපුවේ ඊයේ (23) පෙරළී ගිය පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"පාරු අනතුරට සැකකරුවන් 03ක් අත්අඩංගුවට"

නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” අද ජනතා අයිතියට

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ.

"නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” අද ජනතා අයිතියට"

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

(ලංකාපුවත් | කොළඹ) –වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

"පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට"

රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) – රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම් නිකොලායි පැට්රුෂෙව් (Nikolai Patrushev)මහතා අද (22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම් දිවයිනට"

මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ

(ලංකාපුවත් | කොළඹ) –ගර්භණී මව්වරුන් සදහා රෝහල්ගත වීමේදී අත්‍යාවශ්‍ය වන උපකරණ තොගයක් මීගමුව රොටරි සමාජය විසින් ගැබිනි මව්වරුන් 50ක් දෙනෙකු සදහා ලබාදීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

"මීගමුව රොටරි සමාජයෙන් ගැබිනි මව්වරුන්ට උපකරණ"