කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක සිය නවාතැන්පොළෙන් පළාගිය 25 හැවිරිදි කොවිඩ් ආසාදිතයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

"කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට"

රිෆ්කාන් බදියුදීන්ගේ නඩුවේ රස පරීක්ෂණ වාර්තාව ලැබුණු බව විවෘත අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බද්යුදීන් යන අය ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පිළිබඳ විමර්ශනවලට අදාළ රස පරීක්ෂණ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයට දැනුම් දෙයි.

"රිෆ්කාන් බදියුදීන්ගේ නඩුවේ රස පරීක්ෂණ වාර්තාව ලැබුණු බව විවෘත අධිකරණයට දැනුම් දෙයි"

‘බැරල් සංඛ‘ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘බැරල් සංඛ‘ නැමැති සැකකරු මත්ද්‍රව්‍යයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

"‘බැරල් සංඛ‘ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට"

රටට ඇතුල් වීමට සීමා පැනවීමට ප්‍රථම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16ක් ජපානට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය IM JAPAN ආයතනය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව ජපානයේ රැකියා සදහා 2021 ප්‍රථම කණ්ඩායම අද(15) පිටත් කර හැරිමට කටයුතු කර ඇත.

"රටට ඇතුල් වීමට සීමා පැනවීමට ප්‍රථම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16ක් ජපානට"

GMOA වෙතින් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සේවය කරන වාට්ටුවේ ඔහුට හිතවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම අනපේක්ෂිත තත්වයක් නොවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊට හේතුව ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ කොවිඩ් රෝගීන් නිතර හමුවන රෝහලක බව අදාල නිවේදනයේ සඳහන් කෙරේ.

"GMOA වෙතින් පැහැදිලි කිරීමක්"

බෞද්ධ දහම්පාසල් ලබන ඉරිදා සිට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය හුමවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් ලබන ඉරිදා(17) නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

"බෞද්ධ දහම්පාසල් ලබන ඉරිදා සිට"

පත්තිනි දේවාලේ යළිත් හේරත් නිලමේට

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික සෙංකඩගල පුරවර සතර මහා දේවල වලින් එකක් වන ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය අද(12) උදැසන පැවැත්වුණි.

"පත්තිනි දේවාලේ යළිත් හේරත් නිලමේට"

රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත

(කොළඹ, ලංකාපුවත්) –සිව් වසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

"රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත"

ගයන්ත කරුණාතිලකට සහ පවුලේ අයට කෝවිඩ් ආසාදනය වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඉකුත් 05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනාගෙන තිබිණි.

"ගයන්ත කරුණාතිලකට සහ පවුලේ අයට කෝවිඩ් ආසාදනය වී නැහැ"

තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 219 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. අද තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මිය‍ගොස් තිබෙන්නේ දෙහිවල පදිංචිව සිටි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අලව්වේ පදිංචිව සිටි වයස අවුරුදු 78 ක කාන්තාවකි.

"තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක්"