(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙසට පත්කර තිබේ.
"අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට"Category: SPORT
(කොළඹ, ලංකාපුවත්) – හදිසි අනතුරකට ලක්ව රෝගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් ප්‍රදානයක් සිදු කරන ලදි.
"ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්"(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලියේ A කණ්ඩායම යටතේ පැවති තරඟයකින් බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම අතර 2017.04.06 දින පැවති තරඟයේ දී සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම පරදවා කණ්ඩායම් නායක විමන්ද රාදික ක්රීඩකයාගෙන්යුත් බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත්විය.
"බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරදියි"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙක සේම විස්සයි 20 තරගාවලියද 1-1ක් ලෙස සමකර ගත්තේය.
"බංග්ලාදේශයට ලකුණු 45ක ජයක්"(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාතෙන් ජාතික මට්ටමේ තරඟවලින් ජයග්‍රහනය කරන රන්,රිදී,ලෝකඩ පදක්කම් සඳහා දැනට ගෙවන ත්‍යාග මුදල දෙගුණයක් දක්වා වැඩි කිරීමට තමා අනුමැතිය දුන් බව ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා පැවැසීය. ඔහු මේබව කීවේ වැල්ලවාය හමුදා කඳවුර පැවැති ක්‍රීඩාංගණයේ පැවැති වාර්ෂික වර්ණ ප්‍රධාන උත්සවයේදීය.
"ජාතික මට්ටමේ තරඟවලින් පදක්කම් දිනන ඌවේ ක්‍රීඩකයින්ට දෙන ත්‍යාග මුදල් දෙගුණයක් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි.පී.එල්. කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඬේවිඩ් වෝනර්ගේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (05) සමත් විය. ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ්ර් කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කරමිනි.
"IPL පළමු ජය වෝනර්ගේ පිළට"(කොළඹ, ලංකාපුවත්) – ඉකුත්දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී නිමාවට පත්වූ 13 වැනි බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම සිය කුසලානය සමඟ පසුගියදා (04) ජනාධිපති කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. කණ්ඩායමේ නායක අකලංක රණසිංහ මහතා විසින් මෙහිදී කුසලානය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා බේස් බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
"ශූරතාව දිනූ බේස්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි"(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 06ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(05) සමත් විය. ප්රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කරනුලැබීය. මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34 යි.
"ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02)කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ. සියලුදෙනා සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
"ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහාය"(කොළඹ, ලංකාපුවත්) – ජාතික තලයෙන් ජාත්‍යන්තරයට යන තේමාව යටතේ 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නිල වශයෙන් ඊයේ (02) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ කළේය.
"පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ඇරඹේ"