IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

(කොළඹ, ලංකාපුවත්) – පුනෑව, නාවික හමුදා වෙඩි පිටියේ දී මාර්තු මස 23 සිට 26 දක්වා පැවති ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ දී (IPSC III) ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම රන් පදක්කම් හිමි කර ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.

"IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට"

‘පෙරඹර හටන’ පළමු තරගය 21 දා කන්තලේ දී

ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල හා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල අතර ‘පෙරඹර හටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ලබන 21 දා පෙරවරු 9.30ට කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් දෙකක් පළමු වරට පවත්වන මේ සීමිත ඕවර් ක්‍රිකට් තරගයේ සත්කාරකත්වය දරන්නේ අග්‍රබෝධි ජාතික පාසලයි. අග්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පති කැලුම් එස්.හේරත් මහතාගේ මෙයෙවීම මත නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමි හා සැලසුම්) අයි.ආර්.ජි.එස්.ලක්ප්‍රිය බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මේ කණ්ඩායම පුහුණු කරන්නේ එන්.ඒ.කපිල මල්ලවාරච්චි මහතා විසිනි.…

"‘පෙරඹර හටන’ පළමු තරගය 21 දා කන්තලේ දී"

නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින්……

පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය මැකෙයිසර් ක්‍රීඩාංගණයේ ඉදිවූ නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ඊයේ (17) ජනතා අයිතියට පත් විය.

"නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින්……"

සියවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

පී. සරා ඕවල් පිටියේදී ඊයේ නිමාවූ දෙවැනි අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 18ක් පවත්වා බංග්ලාදේශය ලැබූ පළමු ජයග්‍රහණය මෙයවීම ද තවත් විශේෂත්වයකි. බංග්ලාදේශය සියවැනි ටෙස්ට් තරගයෙන් ජයගනිද්දී ශ්‍රී ලංකාව වසර 2000දී පාකිස්තානය සමග එස්. එස්. සී පිටියේදී පැවැති සියවැනි ටෙස්ට් තරගයෙන් පරාජයවූ ඉතිහාසයක් ඇත. සනත් ජයසූරිය නායකත්වය දැරූ එම තරගයේදී වසීම් අක්‍රම් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ නියමුවා බවට…

"සියවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට ඓතිහාසික ජයක්"

39 වැනි උපන් දිනය දා හේරත්ට දුක හිතෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රංගන හේරත්ගේ උපන් දිනය දා බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගය පරාජයවීම කණගාටුවක් දැනුණ දවසක් බව පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකකදී අවසන් තරගයට පැමිණ පරාජයවීම මෙන්ම ඊයේ නිමාවූ තරගයේ ලද පරාජය තම ක්‍රිකට් දිවියේ දුක්බර අවස්ථා බව රංගන හේරත් සිහිපත් කළේය. හේරත්ගේ 39 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර තරගයෙන් අනතුරුව පී. සරා ඕවල් පිටියේ පැවැති මාධ්‍ය හමුවකට ඔහු සහභාගී විය. “ තරගාවලිය ආරම්භයේදීම මා පැවැසුවා මේ තරග දෙකම අභියෝගාත්මක…

"39 වැනි උපන් දිනය දා හේරත්ට දුක හිතෙයි"

ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට ජාත්‍යන්තර කුසලානයක්

මෙරට කාන්තා රගර් ක්‍රීඩාවේ නව පිටුවක් පෙරලමින් බොර්නියෝ සෙවන්ස් ආරාධිත සත් සාමාජික රගර් තරගාවලියේ කාන්තා තරග අංශයෙන් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් මේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා රගර් කණ්ඩායම ඊයේ පස්වරුවේ තායිලන්තය සමග පැවැති කුසලාන වටයේ අවසන් මහා තරගයේදී ලකුණු 12-5ක ජයක් අත්කර ගනිමින් මේ ඓතිහාසික වාර්තාව තැබුවේය. ශ්‍රී ලංකා කාන්තා රගර් කණ්ඩායමක් ඕනෑම මුහුණුවරක විදෙස් තරගාවලියකදී කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙයවේ. මේ තරගාවලියේ පිරිමි තරග අංශයෙන් තරග වැදුණු…

"ශ්‍රී ලංකා කාන්තා රගර් පිලට ජාත්‍යන්තර කුසලානයක්"