ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ බව පවසා ඇත.

"ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි"

මුම්බායි ඉන්දියන්ස්ලා පෙරමුණේ

(කොළඹ, ලංකාපුවත්) – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ලකුණූ සටහනේ යළි පෙරමුණේ පසුවේ. ඊයේ(20) කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී ලැබූ විශිෂ්ඨ ජයත් සමඟ මුබ්බායි කණ්ඩායම මුහුණ දුන් තරඟ 06න් පහක්ම ජයගැනීමට සමත්ව තිබේ.

"මුම්බායි ඉන්දියන්ස්ලා පෙරමුණේ"

මුරලිට හෝල් ඔෆ් ෆේම් සම්මානය

(කොළඹ, ලංකාපුවත්) – ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමය ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙත නිළ වශයෙන් ලබාදීම එළඹෙන ජුනි මාසයේදී සිදු කිරීමට තීරණය කර ඇත.

"මුරලිට හෝල් ඔෆ් ෆේම් සම්මානය"

එංගලන්ත දේශගුණයට හුරු කරවීමට ශ්‍රී ලංකා පිලට දියතලාවේ පුහුණු සැසියක්

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන අයි.සි.සී. චැම්පියන්ස් ලීග් එක්දින ක්‍රිකට් ශූරතාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන මැයි මස 10 වැනිදා මහනුවර සහ දියතලාවේ දින 6ක පුහුණු සැසියක් ආරම්භ කිරීමට නියමිතය.

"එංගලන්ත දේශගුණයට හුරු කරවීමට ශ්‍රී ලංකා පිලට දියතලාවේ පුහුණු සැසියක්"

රයිසින්ග් පූනේ සුපර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වලට ජය

(කොළඹ, ලංකාපුවත්) –  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ පැවති තරඟ වලදී  රයිසින්ග් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගැනීමට සමත්විය. ඊයේ (16)පැවති තරඟයකදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 08කට ලකුණු 161ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134ක් පමණි.

"රයිසින්ග් පූනේ සුපර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වලට ජය"

ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව දැඩි දඬුවම්

‍(කොළඹ, ලංකාපුවත්) –  අති විශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කළ නව ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව දැඩි දඬුවම්"

අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙසට පත්කර තිබේ.

"අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට"

ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අනතුරකට ලක්ව රෝගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් ප්‍රදානයක් සිදු කරන ලදි.

"ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්"

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරදියි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලියේ A කණ්ඩායම යටතේ පැවති තරඟයකින්  බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම අතර 2017.04.06 දින පැවති තරඟයේ දී සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම පරදවා කණ්ඩායම් නායක විමන්ද රාදික ක්‍රීඩකයාගෙන්යුත් බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත්විය.

"බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරදියි"

බංග්ලාදේශයට ලකුණු 45ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙක සේම විස්සයි 20 තරගාවලියද 1-1ක් ලෙස සමකර ගත්තේය.

"බංග්ලාදේශයට ලකුණු 45ක ජයක්"