ලබන සදුදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන සදුදා (07) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ තාරකාවිද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයට සදහන් කළේය.

"ලබන සදුදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්"

2017 වසරේ මේ දක්වා අන්තර්ජාලය ගැන පැමිණිලි 1950 ක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1950 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි.

"2017 වසරේ මේ දක්වා අන්තර්ජාලය ගැන පැමිණිලි 1950 ක්"

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන ඓතිහාසික සිවු මහා දේවාලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය අද (03) රාත්‍රියෙන් ආරම්භ වේ.

"මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද"

මහාමාර්ග ආශ්‍රිතව රහසිගත කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග නීති කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී මහාමාර්ග ආශ්‍රිතව රහසිගත කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

"මහාමාර්ග ආශ්‍රිතව රහසිගත කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක්"

වියළි කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සහන

(කොළඹ, ලංකාපුවත්) – දැනට දිවයිනට බලපා ඇති දැඩි නියඟයේ බලපෑම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය පොදු වැඩ සඳහා යොදවා ගැනීමේ පදනම මත, රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර සලාකයක් 2017 අගෝස්තු මස සිට මාසිකව එම පවුල් වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.

"වියළි කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සහන"

යළිත් තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කඩින් කඩ ඇති වන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදූරු ඝණත්වය යළී වැඩිවිය හැකි බැවින් ලබන 03,04 සහ 05 යන තෙදින දීප ව්‍යාප්ත මදූරු මර්දන වැඩසටහනක දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මදූරු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

"යළිත් තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්"

ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව හෙට අධිකාරියට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ගෝවා නැවි තාටාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීමේ උත්සවය හෙට (02) සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

"ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව හෙට අධිකාරියට"

දෙවන පාසල් වාරය ලබන සිකුරාදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය ලබන 04 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

"දෙවන පාසල් වාරය ලබන සිකුරාදායින් අවසන්"

නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතා සුබසාධනයට යුද හමුදා නිලධාරින්

(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යුද හමුදා නිලධාරින් පත්කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

"නියඟයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජනතා සුබසාධනයට යුද හමුදා නිලධාරින්"