සුළු-මධ්‍ය ව්‍යවසායකයන් දේශීය කර්මාන්ත නංවන කැබිනට් පත්‍රිකාව අගමැති අතින් හෙට ඇමැති මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර හතරහමාරක් තිස්සේ බිඳ වැටීමට ලක්වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු දේශීය කර්මාන්තකරුවන්ට යළි නඟාසිටුවීම සඳහා රජය පිරිනමන සහන පිළිබඳ යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාව අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (18) ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

"සුළු-මධ්‍ය ව්‍යවසායකයන් දේශීය කර්මාන්ත නංවන කැබිනට් පත්‍රිකාව අගමැති අතින් හෙට ඇමැති මණ්ඩලයට"

එක්සත් රාජධානියේ නව අගමැතිට, ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්සත් රාජධානියේ අලුතින් තේරී පත් වූ අගමැති බොරිස් ජොන්සන් මහතාට සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

"එක්සත් රාජධානියේ නව අගමැතිට, ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්"

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – රට හදන සෞභාග්‍යය දැක්ම නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල වන පරිදි තම සංවර්ධන කාර්යයන් යථාර්ථයක් බවට පත් කිරීමට උපරිම උත්සාහ දැරීම සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ කාර්යය මණ්ඩලවල වගකීම බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

"මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයෙන් නිවේදනයක්"

උපාධිධාරීන් 54000කට රජයේ රැකියා වරම්

(කොළඹ, ලංකාපුවත්) – ලබන ජනවාරි මාසය වන විට රැකියා විරහිත උපාධිධාරීන් 54,000ක් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඒ සඳහා මූලික කටයුතු අරඹා තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

"උපාධිධාරීන් 54000කට රජයේ රැකියා වරම්"

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට රජයෙන් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා පැවසීය.

"ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට රජයෙන් වැඩපිළිවෙළක්"

26 වැනිදා වලයාකාර සූර්යග්‍රහණයක්

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ නිමාවත් සමග විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරුවේ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි.

"26 වැනිදා වලයාකාර සූර්යග්‍රහණයක්"

සිරිපා වන්දනා සමය ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) –ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීම හා භික්ෂුණි ශාසනය මෙරට ස්ථාපිත කිරීම ඇතුළු ඓතිහාසික සංසිද්ධීන් රැසක් සිදු වූ උදුවප් පුන් පොහෝ දිනය යෙදුණු ඊයේ (11) දින සිට මෙවර සිරිපා වන්දනා සමය ඇරඹේ.

"සිරිපා වන්දනා සමය ඇරැඹේ"

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, රාජ්‍ය ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ලෙස අද (12) රාජකාරි ආරම්භ කළේ ය.

"මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, රාජ්‍ය ලේකම් ධූරයේ රාජකාරි අරඹයි"

2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – 2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නිකුත් කළ නවතම වාර්තාවට අනුවය.

"2019 මානව වර්ධන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට"

නල්ලතන්නියෙන් ශ්‍රී පාදය වන්දනාකරන්නන්ට අවශ්‍ය පහසුකම් සපයයි

(කොළඹ, ලංකාපුවත්) –උදුවප් පොහෝ යෙදෙන දෙසැම්බර් 11 වන දින ආරම්භවන 2019-2020 ශ්‍රී පාද වන්දනා වාරය ට සමගාමිව නල්ලතන්නිය දෙසින් කරුණාකරන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

"නල්ලතන්නියෙන් ශ්‍රී පාදය වන්දනාකරන්නන්ට අවශ්‍ය පහසුකම් සපයයි"