මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

(කොළඹ, ලංකාපුවත්) – තලෛයිමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය හා මුරුක්කන් දුම්රිය ස්ථානය අතර මාර්ග අලුත් වැඩියාවක් හේතුවෙන් ලබන 26 වැනි දින 9.52 සිට ලබන මාර්තු 02 වැනි දින පස්වරු 2.40 අතර කාලය තුළ දුම්රිය මාර්ගය වසා තැබෙන බැවින් දුම්රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

"මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී"

තවත් ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තවත් ඉන්දීය ධීවරයින් පිරිසකට නිදහස ලබාදීමට තීරණය කොට තිබේ.

"තවත් ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස"

නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව දෙමළ නාලිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ වේ.

"නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ"

විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

"විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර"

ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර කුලපති ධුරයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්කොට තිබේ.

"ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර කුලපති ධුරයට"

විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින්ගේ මාසික දීමනාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා ලබා දෙන මාසික දීමනාව ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

"විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින්ගේ මාසික දීමනාව ඉහළට"

කුරුණෑගල වී වගාවට මොරගහකන්දෙන් දියවර

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාවට යල මහ දෙකන්නය සඳහා ප්‍රමාණවත් ලෙස මොරගහකන්ද ජලාශ්‍රයෙන් දියවර සැපයීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහන් කළේය‍.

"කුරුණෑගල වී වගාවට මොරගහකන්දෙන් දියවර"

ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබේ.

"ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි"

අධිවේගයට නව වේග මාපක පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.

"අධිවේගයට නව වේග මාපක පද්ධතියක්"

ඡන්ද දිනවලදී ලංගමයට රුපියල් මිලියන 80ක ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ අවසන් දින කිහිපය තුළ සාමාන්‍යසේවා සැපයිීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 80 ක ආදායමක් උපයා ඇතැයි එම මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

"ඡන්ද දිනවලදී ලංගමයට රුපියල් මිලියන 80ක ආදායමක්"