ලොව විශාලතම ගුවන් යානාව මෙරටට ගොඩබසී

(කොළඹ, ලංකාපුවත්) – A-380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය පිළිබඳව පැවති දුර්මතයන් බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවසීය.

"ලොව විශාලතම ගුවන් යානාව මෙරටට ගොඩබසී"

ශිරන්ති රාජපක්ෂ CID යට

(කොළඹ, ලංකාපුවත්) – ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද(15) පැමිණියාය. ඒ සිරිලිය සවිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස ඇය වෙත කර තිබූ දැනුම් දීමකට අනුවය.

"ශිරන්ති රාජපක්ෂ CID යට"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුවරට මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක නිරත වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට සූදානම්"

“හෙට දකින රනිල්” ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ “හෙට දකින රනිල්” ප්‍රදර්ශනය මේ 17 වන බ්‍රහස්පතින්දා සවස 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

"“හෙට දකින රනිල්” ජනපති ප්‍රධානත්වයෙන්"

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අදියර 3ක් යටතේ

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදියර 03ක් යටතේ සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

"උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් අදියර 3ක් යටතේ"

ලබන වසරේ අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කරන්න – මුදල් අමාත්‍යාංශය

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසර සඳහා වන අයවැය, කාර්ය සාධනය පදනම් කරගෙන පිළියෙළ කිරීමට රජය තීරණය කර ඇති බැවින් සියලුම අමාත්‍යාංශ තම ව්‍යාපෘති යෝජනා මඟින් ප්‍රතිලාභීන්ට සහන සලසන්නේ කෙසේදැයි ව්‍යාපෘති නිමැවුම් පිළිබඳ දත්ත ඇතුළත් කොට ඒවා ඉදිරිපත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

"ලබන වසරේ අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කරන්න – මුදල් අමාත්‍යාංශය"

ලොකුම එයාර්බස් යානය ලබන14වනදා කටුනායකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ ප්‍රථමවරට අගෝස්තු 14 වනදා විශාලතම එයාර් බස් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ගොඩබස්ස වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

"ලොකුම එයාර්බස් යානය ලබන14වනදා කටුනායකට"

වසර 17කට පසුව අර්ජුන නැවතත් ක්‍රිකට් පිටියට

(කොළඹ, ලංකාපුවත්) – අර්ජුන රණතුංග, 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනූ නායකයායි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ඊයේ(10)වැනි දවසක මීට වසර 17කට පෙරදීය.

"වසර 17කට පසුව අර්ජුන නැවතත් ක්‍රිකට් පිටියට"

ජැක්සන්ගේ සුරූපි දියණිය බුදු දහම වැලද ගනී

(කොළඹ, ලංකාපුවත්) – නැසීගිය ජනප්‍රිය පොප් ගායකයෙකු වන මයිකල් ජැක්සන්ගේ සුරූපි දියණිය වන පැරිස් ජැක්සන් බුදු දහම වැළදගෙන ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් තොරතුරු වාර්තා කර ඇත.

"ජැක්සන්ගේ සුරූපි දියණිය බුදු දහම වැලද ගනී"