ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඉරිදා(30) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි"

මැයි දිනයට කොළඹ – මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන සඳුදාට(01) යෙදෙන ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරිදා (30) රාත්‍රී කාලයේ සිට එය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

"මැයි දිනයට කොළඹ – මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්"

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දීය සහය

(කොළඹ, ලංකාපුවත්) – යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) මහතා පැවසීය.

"ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දීය සහය"

කාලගුණ විපර්යාස අනුව තීන්දු තීරණ ගන්නැයි වාරි නිලධාරින්ට ජනපති උපදෙස් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතන ලැබීම පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

"කාලගුණ විපර්යාස අනුව තීන්දු තීරණ ගන්නැයි වාරි නිලධාරින්ට ජනපති උපදෙස් දෙයි"

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සහාය සැමවිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහාය ලබා දීමට තම පක්‍ෂය නිරතුරුවම ක්‍රියා කරන බව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය පැවසුවාය.

"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සහාය සැමවිට"

අද ගුවන් කාලසටහනේ ‍වෙනස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කර සිටියි.

"අද ගුවන් කාලසටහනේ ‍වෙනස් වීමක්"

පාර්ලිමේන්තුව අනිද්දා හදිසියේ රැස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කැළි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කිරීම දන්වා සිටීම සඳහා අප්‍රේල් මස 28වනදා පාර්ලිමේන්තුව හදිසියේ රැස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් තීරණය කර තිබේ.

"පාර්ලිමේන්තුව අනිද්දා හදිසියේ රැස් කරයි"

මෙක්සිකෝ දේශසීමා පවුරට මුදල් වෙන් කිරීම ට්‍රම්ප් තාවකාලිකව නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා – මෙක්සිකෝ දේශසීමා පවුර ඉදිකිරීම සඳහා වියදම් කිරීමේ පනත් කෙටුම්පත මඟින් මුදල් සොයාගැනිමට බලාපොරොත්තු වන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

"මෙක්සිකෝ දේශසීමා පවුරට මුදල් වෙන් කිරීම ට්‍රම්ප් තාවකාලිකව නතර කරයි"

හිටපු ඇමති බැසිල්ගේ මල්වානේ සුඛෝපභෝගී නිවාසට අධි චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – මල්වානේ පිහිටි සුඛෝපභෝගී නිවසක් හා ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තිරු නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව, පූගොඩ මහේස්ත්‍රාත් හමුවේ ඊයේ (25)කැඳවනු ලැබීය.

"හිටපු ඇමති බැසිල්ගේ මල්වානේ සුඛෝපභෝගී නිවාසට අධි චෝදනා"

2025 වන විට පවුල් ලක්ෂ 25කට නිවාස

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින බවත්, මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ට ම 2025 වසර වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"2025 වන විට පවුල් ලක්ෂ 25කට නිවාස"