ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට

(කොළඹ, ලංකාපුවත්) – අර්තාපල් හා ළුනු ආනයනයේදි පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් අඩුකර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබේ.

"ආනයනික අර්තාපල් හා ලොකු ලුණු බද්ද පහතට"

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

"නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති"

නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

"නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව"

සා.පෙළට පොලිස් ආරක්‍ෂාව

(කොළඹ, ලංකාපුවත්) – අද(03) ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලු මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්‍ෂාව සැපයීමට තීරණය කර තිබේ.

"සා.පෙළට පොලිස් ආරක්‍ෂාව"

ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ ද්විත්ව බලවේග කට්ටලය ලබන බදාදා මෙරටට ළඟාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට"

රනිල්ට සදාචාරාත්මක නීතිමය අයිතියක් නැතැයි අනුර කුමාර කියයි

(කොළඹ, ලංකාපුවත්) – අගමැතිවරයකු ලෙස අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය.

"රනිල්ට සදාචාරාත්මක නීතිමය අයිතියක් නැතැයි අනුර කුමාර කියයි"

“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක්

(කොළඹ, ලංකාපුවත්) – “සේනා” නැමැති ආක්‍රමණශීලී ආගන්තුක දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක වර්ග 3ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

"“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක්"

ඉන්ධන මිල වෙනස විසඳීමට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සාකච්ජා කර, පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විෂය බාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

"ඉන්ධන මිල වෙනස විසඳීමට අගමැතිගෙන් උපදෙස්"

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7000 කට පළමු අදියර යටතේ ස්ථීර පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14,400 කට වැඩි පිරිසකට ස්ථීර පත්වීම් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පත්වීම් 7000 ක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට(30) සිදු කෙරේ.

"සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 7000 කට පළමු අදියර යටතේ ස්ථීර පත්වීම්"

මොරගහකන්ද වාන් දොරටු ජනපති අතින් හෙට විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට(30) සිදු කිරීමට නියමිත ය.

"මොරගහකන්ද වාන් දොරටු ජනපති අතින් හෙට විවෘත වෙයි"