ඉන්ධන මිල වැඩිවුණොත් රජයෙන් කොටසක් දරනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිල සීමාවකින් තොරව ඉහළ ගියහොත් මිල සූත්‍රය පසෙක දමා සංවේදී ආණ්ඩුවක් ලෙස ජනතාවගෙන් වැයවන මුදලින් කොටසක් දැරීමට (වැයබර) රජය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය.

"ඉන්ධන මිල වැඩිවුණොත් රජයෙන් කොටසක් දරනවා – ඇමති මංගල"

ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් උප ජනාධිපති Vincent Meriton මහතා අතර හමුව ඊයේ (09)සිදු විය.

"ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි"

2020 වන විට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත්

(කොළඹ, ලංකාපුවත්) –වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"2020 වන විට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත්"

ජනපති සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – සීෂෙල්ස් රාජ්‍ය සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සීෂේල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (08) පස්වරුවේ සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

"ජනපති සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවක"

රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – අප කාගේත් හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබේ.

"රොනී ලීච්ගේ දේහය හෙට දිවයිනට"

ඇලිස් වෙල්ස් මේ සතියේ ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය මේ සතියේ දී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

"ඇලිස් වෙල්ස් මේ සතියේ ශ්‍රී ලංකාවට"

විදෙස් රැකියාවේදී විපතට පත් ශ්‍රමිකයින්ට ලක්ෂ 55 ක වන්දි

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් රැකියා සදහා පිටත්ව ගොස් සිටියදී මරණයට පත්වූ හා රෝගී වූ ශ්‍රමිකයින් 27 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පනස් පහක මුදලක් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රදානය කළේය.

"විදෙස් රැකියාවේදී විපතට පත් ශ්‍රමිකයින්ට ලක්ෂ 55 ක වන්දි"

ජනපති සීෂෙල්ස් වෙත ළඟා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (08) අළුයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

"ජනපති සීෂෙල්ස් වෙත ළඟා වෙයි"

රාජ්‍ය සේවයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සේවය සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (05) එම අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

"රාජ්‍ය සේවයේ කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය"

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලෝක සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ වැඩි වශයෙන්ම නියමිත වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කළ ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය පළමු තැන දිනා ගනිමින් ලෝක සම්මානයට පාත්‍ර වී තිබේ.

"ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලෝක සම්මානයක්"