ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය දෙන්න – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් නාය යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාට ඊයේ (20) දැනුම් දී ඇත.

"ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය දෙන්න – අගමැති"

මුරලිට හෝල් ඔෆ් ෆේම් සම්මානය

(කොළඹ, ලංකාපුවත්) – ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමය ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙත නිළ වශයෙන් ලබාදීම එළඹෙන ජුනි මාසයේදී සිදු කිරීමට තීරණය කර ඇත.

"මුරලිට හෝල් ඔෆ් ෆේම් සම්මානය"

ජනපති නියමයෙන් මීතොටමුල්ල පවුල් 98කට අද සිට නිවාස

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදු වූ නිවාස අහිමි පවුල් 98කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ අද (20) දින ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දුන්නේය.

"ජනපති නියමයෙන් මීතොටමුල්ල පවුල් 98කට අද සිට නිවාස"

ඉන්දීය අගමැති දිවයිනට පැමිණීම තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

"ඉන්දීය අගමැති දිවයිනට පැමිණීම තහවුරුයි"

පාසල් අවට දූම්වැටි විකිණීම තහනම් කෙරෙන කැබිනට් පත්‍රිකාවක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

"පාසල් අවට දූම්වැටි විකිණීම තහනම් කෙරෙන කැබිනට් පත්‍රිකාවක්"

මීතොටමුල්ල විපතට පත් වූවන්ට නීතියේ ආධාර

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නීතියේ ආධාර ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

"මීතොටමුල්ල විපතට පත් වූවන්ට නීතියේ ආධාර"

ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි. වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

"ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට"

මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසූහ.

"මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි"

අධිවේගයේ ආදයම් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකදි ඉපැයූ වූ වැඩිම ආදායම ඉකුත් ඉරිදා දිනයේ වාර්තා වී තිබේ. එම ආදායම රුපියල් මිලියන විසි එකයි දශම පහකි.

"අධිවේගයේ ආදයම් ඉහළට"

මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ.

"මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි"