කොත්මලේ ජලාශයේ සැඟවුණු විහාරස්ථන මතුවේ

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග එම ජලාශය ඉදිකිරිමේදි යටවු විහාරස්ථානවල නටඹුන් දැක ගැනිම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට විශාල පිරිස් දින පතා කොත්මලේ කඩදොර ප‍්‍රදේශයට පැමිණෙමින් සිටී.

"කොත්මලේ ජලාශයේ සැඟවුණු විහාරස්ථන මතුවේ"

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන යළි ක්‍රියාවට නංවන්න අමෙරිකාව සමඟ ගිවිසුමක

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ නව ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබයි.

"ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන යළි ක්‍රියාවට නංවන්න අමෙරිකාව සමඟ ගිවිසුමක"

“ ගජමෑන් ” ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ළගදීම

(කොළඹ, ලංකාපුවත්) – 70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් ලෙස ගජමෑන් හදුන්වාදිය හැකිය.

"“ ගජමෑන් ” ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ළගදීම"

කුවේ‍ට් පොදු සමා කාලය දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කුවේටයේ නීති විරෝධී අයුරින් රැදී සිටින්නන් සදහා එරටින් පිටවීමට ලබා දී තිබු පොදුසමා කාලය අප්‍රේල් මස 22වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන්කරයි.

"කුවේ‍ට් පොදු සමා කාලය දීර්ඝ කරයි"

දුම්රිය මාර්ග අනතුරු වැළැක්වීමට කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය මාර්ග අනතුරු සිදු වන ස්ථාන හඳුනාගනිමින් ඒවා වැළැක්වීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පැවසීය.

"දුම්රිය මාර්ග අනතුරු වැළැක්වීමට කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම්"

ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවීකරණ කටයුතු කඩිනම් කරනැයි ජනපති උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –වේදිකා නාට්‍ය ඇතුළුව ප‍්‍රාසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකාගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබූ කොළඹ අගනගරයේ පිහිටි ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ සහ පේ‍්‍රක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින්, කඩිනමින් නවීකරණය කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

"ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවීකරණ කටයුතු කඩිනම් කරනැයි ජනපති උපදෙස්"

නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති"

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමික්තාවය සම්බන්දයෙන් රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්"

මාස 15කදී බිම්බෝම්බ 2864ක් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ආධාර යටතේ කිලිනොච්චියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටින දේශිය සංවිධානයක් ගතවූ මාස 15ක කාලයක් තුලදී මූහමලේ ප්‍රදේශයෙන් බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඒකක 2864ක් ඉවත් කොට තිබේ.

"මාස 15කදී බිම්බෝම්බ 2864ක් ඉවත් කරයි"

උඩවළව ජාතික උද්‍යානයෙන් 2017 දී මිලියන 358කට අධික ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) –2017 වසරේ උඩවළව ජාතික වන උද්‍යානයට සංචාරකයින් 236,867කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 358.44කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.

"උඩවළව ජාතික උද්‍යානයෙන් 2017 දී මිලියන 358කට අධික ආදායමක්"