සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බාස්මතී සහල් තොගයේ කිසිදු ආකාරයකින් ප්ලාස්ටික් අංශු අඩංගු වී නැති බව කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂ විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

"සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි"

විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්

(කොළඹ, ලංකාපුවත්) – ළමයින්ට අහිතකර කිසිඳු විෂ රසායන ද්‍රව්‍යයක් 07 ශ්‍රේණිය භූගෝල විද්‍යා පොතේ අන්තර්ගතව නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

"විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්"

සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වලංගු වීසා රහිතව සෞදි අරාබියාවේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට ලබා දී ඇති පොදු සමාකාලය ලබන 25 වනදායින් අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

"සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්"

ආගමික සහජීවනයට බාධා එල්ල වන්නේ නම් නව නීති ගෙන එන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අවශ්‍යතාවක් ඇති වුවහොත් නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

"ආගමික සහජීවනයට බාධා එල්ල වන්නේ නම් නව නීති ගෙන එන බව අගමැති කියයි"

සංගාගෙන් තවත් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත් විය.

"සංගාගෙන් තවත් වාර්තාවක්"

ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතානයේ ලන්ඩන් නුවර, ලැටිමර් ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

"ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ"

ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ විමර්ශනය කර ඔවුන් පාලනය කිරීමට රජය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

"ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්"

ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර දෙන්නැයි අගමැති මෝදිට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කර තිබේ.

"ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර දෙන්නැයි අගමැති මෝදිට ඉල්ලීමක්"

ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන භාවිතා කර සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ දරන අවස්ථාවල දී දුම්රියේ ගැටීමෙන් පසුගිය මාස 05ක කාලය තුල පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

"ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි"

මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1,190 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඊයේ(12) දිනයේ දී රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

"මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු"