1966 හරහා නවෝත්පාදන සහය පියසට සම්බන්ධ වන්න

(කොළඹ, ලංකාපුවත්) –තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතාවට ඇති ගැටඵ නිරාකරණය, තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම, නිර්මාණ ප්‍රචලිත කිරීම හා වාණිජකරණයට සහයවීම ආදී අරමුණු සහිතව සම්බන්ධීකරණ ඒකකයක් ලෙස නවෝත්පාදන සහය පියස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි.

"1966 හරහා නවෝත්පාදන සහය පියසට සම්බන්ධ වන්න"

ඥාතීන් භාර නොගන්නා කොරෝනා මරණවලට සිදු කළ යුතු දේ නීතිපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතව මියගොස් ඇති, ඥාතීන් විසින් භාර නොගන්නා ලද පුද්ගලයන්ගේ මෘත දේහ නිරෝධායන රෙගුලාසි අනුව ආදාහනය කළ හැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිඛේ.

"ඥාතීන් භාර නොගන්නා කොරෝනා මරණවලට සිදු කළ යුතු දේ නීතිපති පවසයි"

ලොව බලවත්ම කාන්තාව 100 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – 2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව ජාත්‍යන්තර ෆෝර්බ් සඟරාව විසින් එළිදක්වා තිබෙනවා. එහි පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගෙලා මර්කෙල් විසිනුයි. ෆෝර්බ් සඟරාවට අනුව, ඇය අඛණ්ඩව 10 වැනි වරටත් ලොව බලවත්ම කාන්තාව බවට පත්ව තිබේ.

"ලොව බලවත්ම කාන්තාව 100 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්"

ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ උපසභාපති ධූරය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත අමාත්‍යංශය සහ වේවැල්, පිත්තල මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාවේ වත්මන් සභාපති ප්‍රවීන චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහතාව ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ උපසභාපති ධූරයට සියලු සෙසු සාමාජික රටවල ඒකමතික තීරණයෙන් තෝරා පත් කර ගෙන තිඛේ.

"ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ උපසභාපති ධූරය ශ්‍රී ලංකාවට"

ජනවාරියේදී කටුනායක ගුවන්තොටුපොළ සංචාරකයන්ට විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘත කිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.

"ජනවාරියේදී කටුනායක ගුවන්තොටුපොළ සංචාරකයන්ට විවෘත වෙයි"

සා.පෙළ මාර්තු 01වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 01 සිට 11වනදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

"සා.පෙළ මාර්තු 01වනදා සිට"

ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙ හී දී සම්මානයට පාත්‍රවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

"ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙ හී දී සම්මානයට පාත්‍රවෙයි"

‘තම්බපවනි’මෙරට ඉදිවන ප්‍රථම සුළං විදුලිබලාගාර උද්‍යානයයි – විදුලිබල ඇමති

(කොළඹ, ලංකාපුවත්) –රටේ ආර්ථිකය නගාසිටුවීමට පුනර්ජනනීය බල ශක්තිය යොදාගැනීම පිළිබඳ ස්වකීය රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, බල ශක්ති සංරක්ෂණය, බල ශක්ති ස්වයංපෝෂිතභාවය ගැන අවධානය යොමුකරන රාජ්‍යයක් වශයෙන් විදුලිය සඳහා දැරිය යුතු පිරිවැය අවම කරමින් වඩාත් ස්ථාවර ව, අඛණ්ඩ ව හා පහසුවෙන් මෙන්ම අඩු පිරිවැයකින් බලශක්ති පරිභෝජනයට ජනතාවට අවකාශ සැලසීම රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් නූතන විදුලි විප්ලවය අරඹා ඇති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

"‘තම්බපවනි’මෙරට ඉදිවන ප්‍රථම සුළං විදුලිබලාගාර උද්‍යානයයි – විදුලිබල ඇමති"

දේශීය ඖෂධයට අදාළ යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා…

"දේශීය ඖෂධයට අදාළ යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්"

අධ්‍යාපනය නංවන්න කෝටි 7,200ක ආධාරයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 7,200ක (අමෙරිකානු ඩොලර් මිලියන 400) මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

"අධ්‍යාපනය නංවන්න කෝටි 7,200ක ආධාරයක්"