සදුදා සිට පොල් රුපියල් 65 යි

(කොළඹ, ලංකාපුවත්) – ලබන සදුදා(02) සිට පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 15ක් රුපියල් 65 බැගින් වූ මිල ගණන් යටතේ නගර වලට පැමිණ අලෙවි කිරිමට පියවර ගන්නා බව පොල් අලෙවි මණ්ඩලය පවසයි.

"සදුදා සිට පොල් රුපියල් 65 යි"

අගමැති කාර්යාලය මුවාවෙන් ජපාන රැකියා දෙන ජාවාරමක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් කිසියම් කණ්ඩායමක් මුදල් රැස් කරන බවට තොරතුර ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත.

"අගමැති කාර්යාලය මුවාවෙන් ජපාන රැකියා දෙන ජාවාරමක්"

සතොසෙන් හාල් හා හාල් මැස්සෝ මිල අඩුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – සතොසේ හාල් වර්ග 8ක හා හාල් මැස්සන්ගේ මිල අද (28) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව ලංකා සතොස සභාපති බී.එම්.එන්.කේ. තෙන්නකෝන් මහතා පැවසීය.

"සතොසෙන් හාල් හා හාල් මැස්සෝ මිල අඩුවෙයි"

ඇමතිවරුන්ට දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් අනිවාර්යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ඇමතිවරුන්ට දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් අනිවාර්යයි – ජනපති"

පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සහ සංරක්ෂණය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් තම වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි"

තායිලන්ත හිටපු අගමැතිනියට වසර 05ක සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්‍රාට වසර 05ක සිර දඬුවමක් පනවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"තායිලන්ත හිටපු අගමැතිනියට වසර 05ක සිර දඬුවම්"

වී සහ සහල් පිළිබද තොරතුරු ඇතුළත් ඔන්ලයින් තොරතුරු පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වී වගාව සහ සහල් පිළිබදව කාලීන තොරතුරු ඇතුළත් ඕනෑම අයෙකුට දත්ත ලබාගත හැකි ඔන්ලයින් දත්ත සංචිතයක් නිර්මාණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරනු ලැබේ.

"වී සහ සහල් පිළිබද තොරතුරු ඇතුළත් ඔන්ලයින් තොරතුරු පද්ධතියක්"

රජයේ ක්‍රියාදාමයන් විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැනගත හැකියි – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ක්‍රියාදාමයන් විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැන ගැනීමට ඇති අයිතිය තොරතුරු දැන ගැනීමේ පනත මගින් රජය ස්ථාපිත කර ඇතැයි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"රජයේ ක්‍රියාදාමයන් විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැනගත හැකියි – ඇමති මංගල"

2018 ජාතික වෙසක් උත්සවය කුරුණෑගලදී

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන වසරේ ජාතික වෙසක් දින මහෝත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

"2018 ජාතික වෙසක් උත්සවය කුරුණෑගලදී"

ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන රියදුරන් හදුනාගැනීමට සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනා ගැනිම සඳහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් යෙදවිමට තීරණය කළ බව මහගනර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍ය රත්න මහතා සඳහන් කළේය.

"ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන රියදුරන් හදුනාගැනීමට සැලසුමක්"