සිරියාවේ නිවාස සංකීර්ණයක් ට්‍රම්ප් නමින්

(කොළඹ, ලංකාපුවත්) –ඊශ්‍රායලය ඔවුන් විසින් බලෙන් අත්පත් කරගෙන සිටින සිරියානු ගෝලාන් කඳුකරයේ ඉදිකළ නිවාස සංකීර්ණයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නමින් නම් කර ඇතැයි වාර්තා වේ.

"සිරියාවේ නිවාස සංකීර්ණයක් ට්‍රම්ප් නමින්"

කිම්- පුටින් හමුවීම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට උතුරු කොරියානු නායකයා සහ රුසියානු ජනාධිපතිවරයා පොරොන්දු වෙයි. ඒ රුසියාවේ පැවැති ඔවුන් ගේ පළමු හමුවේ දීය.

"කිම්- පුටින් හමුවීම සාර්ථකයි"

බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් 36ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටවල් 13කට අයත් විදේශිකයින් 36 දෙනකු මියගොස් ඇතැයි හඳුනාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

"බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් 36ක් මරුට"

සමාජ ජාල ත්‍රස්ත ප්‍රවර්ධනය වැළැක්වීමට සමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කෙරෙන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවක් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සම ප්‍රධානත්වයෙන් මැයි මාසයේ දී පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.

"සමාජ ජාල ත්‍රස්ත ප්‍රවර්ධනය වැළැක්වීමට සමුළුවක්"

පළමු උපන්දිනය සැමරූ ලුවී කුමරුගේ ඡායාරූප පෙළක්

(කොළඹ, ලංකාපුවත්) – පළමු උපන් දිනය සමරණ කේම්බ්‍රිජ් ආදිපාද යුවළගේ පුත් ලුවී කුමරගේ ඡායාරූප තුනක් කෙන්සිංග්ටන් මාලිගය සිය ට්විටර් ගිණුමට නිකුත් කර ඇත.

"පළමු උපන්දිනය සැමරූ ලුවී කුමරුගේ ඡායාරූප පෙළක්"

ට්‍රම්ප් ජුනි මාසයේ එංගලන්තයේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජූනි මාසයේ දී එක්සත් රාජධානියේ දින තුනක සංචාරයක නිරත වන බවත් එමගින් පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විශ්වාසය පළ කරයි.

"ට්‍රම්ප් ජුනි මාසයේ එංගලන්තයේ සංචාරයක"

කිම් – පුටින් නිල සාකච්ජා අද

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර නිල සාකච්ජා අද(25) ආරම්භ වීමට නියමිතය.

"කිම් – පුටින් නිල සාකච්ජා අද"

පිපිරීම් විමර්ශනයට FBI සහය

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සිදුවූ පිපිරීම් පිළිබඳ පරීක්ණ හා විමර්ශන සඳහා සහය දෙන බව, අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත්,එෆ් බී අයි ආයතනය පවසයි.

"පිපිරීම් විමර්ශනයට FBI සහය"

විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායමක් ළගදීම දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනය ඔස්සේ අමතමින් ප්‍රකාශ පැවසුවාය.

"විමර්ශන සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායමක් ළගදීම දිවයිනට"

ඉම්රාන් ඛාන් සොව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) උදෑසන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළේය.

"ඉම්රාන් ඛාන් සොව පළ කරයි"