බුද්ධිමය දේපල පනත උල්ලංඝනයට එරෙහි ‘ජය ශ්‍රී’ නඩුවේ නවතම තත්ත්වය

(ලංකාපුවත් | කොළඹ) – ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් මහතා විසින් ලබා ගත් වාරණ ආඥාව අද(12) යළි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

"බුද්ධිමය දේපල පනත උල්ලංඝනයට එරෙහි ‘ජය ශ්‍රී’ නඩුවේ නවතම තත්ත්වය"

‘ජය ශ්‍රී’ සැබෑ නිර්මාතෘ රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා රෝහිතට සහ රොහාන්ට එන්තරවාසි යවයි

(කොළඹ, ලංකාපුවත්) – ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් එන්තරවාසි යවා ඇත.

"‘ජය ශ්‍රී’ සැබෑ නිර්මාතෘ රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා රෝහිතට සහ රොහාන්ට එන්තරවාසි යවයි"