වෝටර්ස්එජ් හෝට­ල ෙය් දැවැන්ත විනෝ­දා­ස්වාද මධ්‍ය­ස්ථා­න­යක් ඉදි­කි­රීම සඳහා මුල­පු­රයි

සුන්දර දියවන්නාව අසබඩ පිහිටි වෝටර්ස් එජ් හෝටලය එහි සුහද සත්කාරය සහ ප්‍රණීත ආහාරපාන පිරිනමන අවන්හල් රැස ආදිය නිසා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති හෝටලයකි. එමෙන්ම විශේෂ උත්සව ආදිය පැවැත්වීම සඳහා බොහෝ දෙනකු වෝටර්ස් එජ් හෝටලය තෝරා ගැනීමට මේ වන විට පෙළඹී සිටිති.

මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අදහස් මූලික කරගෙන, වෝටර්ස් එජ් හි සභාපති චමත් ද සිල්වා සහ සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ එහි නව ව්‍යපෘති රැසක් දියත් කිරීමට මේ වන විට සැලසුම් සකස් කර තිබේ. මේ අතරින් නවතම ව්‍යාපෘතිය වන දැවැන්ත විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කැපීම පසුගිය දා සිදුකරන ලදි.

මේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සහ වෝටර්ස් එජ් හෝටලයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ. මෙය විනෝද අංග සහ ක්‍රීඩා වැනි බොහෝ දේ එක්තැන් කරන අපූර්ව ස්ථානයක් වනු ඇත.

මේ අවස්ථාවේ දී අදහස් දැක් වූ වෝටර්ස් එජ් හි සභාපති චමත් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ක්‍රීඩා සහ විනෝදාස්වාදය යනු ජනතාවගේ ජීවිතවල අනිවාර්ය අංගයක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *