ශ්‍රී ලංකාවේ ප්රමුඛ මෝටර් රථ ලෙඩ් ඇසිඩ් බැටරි නිෂ්පාදකයෙක් වන සීමාසහිත ඇසෝසියේටඩ් බැටරි මැනුෆැක්චර්ස් (සිලෝන්) (ඒ.බී.එම්.) සමාගම ශ්‍රී ලංකා තත්ත්ව ආයතනය සංවිධානය කරන ජාතික තත්ත්ව සම්මානය මධ්‍ය පරිමාණ නිෂ්පාදන දිනා ගැනීමට සමත් විය.
පසුගියදා කොළඹ පවත්වන ලද තත්ත්ව සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. ශ්‍රී ලංකාවේ තත්ත්ව කළමනාකරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්ව ආයතන හඳුනාගැනීම සඳහා ජාතික තත්ත්ව සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ.
මෙම සම්මාන උළෙල සඳහා තෝරාගැනීමේ පටිපාටියේ පදනම වන්නේ අමෙරිකන් එක්සත් ජනපද මැල්කම් බෝල්ද්රිජ් (Malcom Baldndge) ජාතික තත්ත්ව සම්මාන උළෙලේ ප්‍රමිතීන්ට අනුකූලවීම විශේෂත්වයකි. මෙහිදී අයදුම්කරුවන් උපමාන හතක් යටතේ එනම්, නායකත්වය, උපායමාර්ගික, සැලසුම්කරණය, පාරිභෝගික කේන්ද්රියතාවය, මාන විශ්ලේෂණය සහ සාස්ත්ර කැමරාකරණය, ශ්‍රම බලකාය, ක්‍රියාකාරීත්ව නාභිගතකරණය සහ ප්‍රතිඵල විනිශ්චයට භාජනය කෙරේ.
සීමාසහිත එක්සයිඩ් ඉන්ඩස්ට්‍රීස් ඉන්දියා සමාගමේ පරිපාලන සමාගමක් වන ඒ.බී.එම්. සමාගම ඊයම් අම්ල ආශ්රිත ඇම්.ජී. පැය 25 – 200 දක්වා ධාරිතාවයෙන් යුතු රථවාහන බැටරි එක්සයිඩ් සහ ලූකස් යන සන්නාම යටතේ නිෂ්පාදනය කරනු ලබයි. ඒබීඑම් සමාගම 1960 වර්ෂයේ ආරම්භයත් සමඟ විදේශයන්ගෙන් ආනයනය කරන බැටරිවලින් එල්ල වූ ප්‍රබල අභියෝග හමුවේ නොසැලී දේශීය වෙළෙඳ පොළේ ප්රමුඛ ස්ථානය රැකගැනීමට සමත්වීම විශේෂත්වයකි. මෙයට ප්රබලව බලපෑවේ නිවර්තන හා රළු රථ මාර්ග තත්ත්වයන්ට සරිලන ඉතා උසස් ප්‍රමිතීන්ට අනුකූල බැටරි නිෂ්පාදනය කිරීමට ABM සමාගම කටයුතු කිරීමයි.
මීට අමතරව ABM ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරි එම්. රාමචන්ද්‍රන්ගේ නිසි නායකත්වය හා මඟපෙන්වීම යටතේ එම සමාගම විශාල වර්ධනයක් සහ එහි නිෂ්පාදන ක්‍රියාවලිය නවීකරණයට ලක්වීම සහ නවෝත්පාදන හඳුන්වාදීම මඟින් ඉතා උසස් තත්ත්වයේ බැටරි නිෂ්පාදනය කිරීමට ඒබීඑම් ආයතනයට හැකියාව ලැබී තිබේ.
ලැබූ ජයග්‍රහණය පිළිබඳ අදහස් එකතු කළ ABM අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරි එම්. රාමචන්ද්‍රන් මහතා පැවසුවේ දේශීය වෙළෙඳ පොළ තුළ පමණක් නොව දැන් විදේශ රටවල් තුලින් පවා විශාල ඉල්ලුමක් ABM බැටරිවලට ලැබෙමින් පවතින බවයි. සිය බැටරි අපනයනය තුළින් 2016/17 ගිණුම් වර්ෂය තුළ අමෙරිකන් ඩොලර් දස ලක්ෂයක ඉලක්කයක් අපේක්ෂා කරන බවත් 2017 ජනවාරි දක්වා අමෙරිකන් ඩොලර් 650,000ක අපනයන ආදායමක් උපයා ඇති බවත් ඒ මහතා පැවැසීය.
2020 වසර වනවිට රුපියල් බිලියන 20ක පිරිවැටුමක් සහ 65%ක දේශීය වෙළෙඳ පොළ පංගුවක් සිය සමාගම අපේක්ෂා කරන අතර මේ සඳහා නිර්යාත වැඩි කිරීමටත් නව නිපැයුම් නිෂ්පාදනය කිරීමක් අපේක්ෂා කරන බව පැවැසීය. 2020 වනවිට සිය සමාගමේ පෙර ලාභය රුපියල් මිලියන 500 දක්වා ගෙන යෑමට සැලසුම් සකස් කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
රුපියල් මිලියන 30ක් වියදම් කර තැනූ නව ABM කාර්යාල සංකීර්ණය දැන් විවෘත කර ඇති බව පැවසූ රාමචන්ද්‍රන් මහතා රුපියල් මිලියන 50ක් ආයෝජනය කර ඉදිකරමින් සිදුකරන රෝද දෙකේ වාහන බැටරි නිෂ්පාදනය සඳහා වන නවීන කර්මාන්ත ශාලාව මේ වසරේ මාර්තු මාසයේ විවෘත කිරීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
ආක්‍රමණශීලි නිර්යාත මෙහෙයුමක් සිය නව අන්තර්ජාතික අලෙවිකරන අංශය මෑතකදී ස්ථාපිත කිරීමෙන් පසු දියත් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂකතුමා විදේශ රටවල්වලින් ඊට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පැවැසීය.අපේ අනන්‍යතාවයක් ගොඩනගා ගත් බැටරිවලට වඩා උසස් තාක්ෂණික ප්‍රමිතියක් පවත්වාගෙන යෑමට අප නිතරම ප්රයත්නයක් දරනවා. අපි බැටරි පළමුව අපනයනය කරන රටවල ඇති බැටරි පිළිබඳව පළමුව විග්රහයක යෙදෙනවා. පසුව අප රටේ නිෂ්පාදනය කරන බැටරි විදේශයන්හි ඇති බැටරිවලට නොදෙවෙනි ලෙස නැතහොත් එම බැටරිවල තාක්ෂණය ඉක්මවා යන සහ වඩා තරගකාරී මිලකට නිෂ්පාදනය කිරීමට අප කටයුතු කරන බවත් ඒ මහතා පැවැසීය.
ABM බැටරි ඉතා ඉක්මනින් මියන්මාර් දේශයට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ රාමචන්ද්‍රන් මහතා දැනටමත් සිය නිෂ්පාදන සිංගප්පූරුවට අපනයනය කරන බවත් පැවැසීය. ABMFA සමාගම සමඟ එක්වෙමින් සිය බැටරි මැලේසියාව ඉන්දුනීසියාව සහ කාම්බෝජය යන රටවල්වලට අපනයනය කිරීමට දැනටමත් සැලසුම් සකස් කර හමාර බවත් පැවැසීය. වැඩිදුරටත් රාමචන්ද්‍රන් මහතා පැවැසුවේ මියන්මාර් දේශය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත්තේ එහි විශාල වෙළෙඳපොළක් පවතින නිසා බවයි.
මාලදිවයින, සිංගප්පූරුව, මියන්මාර්, අරාබි එක්සත් ජනරජය සහ සීෂෙල්ස් යන රටවලින් නිලධාරින් පිරිසක් සිය ABM කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකාවට මෑතකදී පැමිණි බව පැවසූ රාමචන්ද්‍රන් මහතා එම දූත පිරිස ABM කර්මාන්ත ශාලාවල සිදුවී තිබෙන දැවැන්ත සංවර්ධනය සහ බැටරිවල උසස් ප්‍රමිතිය ගැන ඉතා සෑහීමකට පත්වූ බව පැවැසීය. මෙම නිලධාරින්ගේ ආගමනයෙන් පසුව විශාල ඇණවුම් ප්‍රමාණයක් ගලා ඒමට පටන් ගෙන ඇති බව ABM අධ්‍යක්ෂක මහතා පැවැසීය.
මීට අමතරව රුපියල් මිලියන 76ක් වැයකර නවීනතම එකලස් පෙළ යන්ත්‍රයක් එක්සත් රාජධානියෙන් දැනටමත් ඇණවුම් කර ඇති බව පැවැසීය.පසුගිය වසරේ ආරම්භ කෙරුණු නාවික යාත්‍රා බැටරි නිෂ්පාදනයද ඉතා සාර්ථකව සිදුකරන අතර දැනටමත් බැටරි තොගයක් නාවික යාත්‍රා බැටරි තොග සිංගප්පූරුවට සහ මාලදිවයිනට අපනයනය කර ඇති බවත් පැවැසීය. තවදුරටත් අනාගත සැලසුම් අනාවරණය කරමින් රාමචන්ද්‍රන් මහතා පැවසුවේ ඉදිරියේදී විදුලි ට්රිවිල, බැටරි කාර්මික බැටර් සහ සූර්ය කෝෂ නිෂ්පාදනය කිරීමට ABM සමාගම කටයුතු කරමින් සිටින බවයි.