සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – 2016 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිතය.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 784 208  , 0112 784 537 , 0113 188 350, 0113 140 314 යන දුරකථන අංකවලට හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *