ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය සැලසුම් කර ඇති බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

ඒඅනුව මේ වන විටත් ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇත.

මෙහිදී ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ  විද්‍යුත් උපරකණ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන අතර භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *