හෙට සිට දිවයින පුරා මදුරු මර්දන සතියක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට (29) සිට දිවයින පුරා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසි හතරදහස් පන්සිය හැට දෙකකි.

එසේම වාර්තා වීඇති මරණ සංඛ්‍යාව 40කි. ඒ අනුව මේ වසරේ පළමු මදුරු මර්දන සතිය හෙට සිට අප්‍රේල් මස 04වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *