මහජන බැංකු සමුහයේ බදුවලට පෙර ලාභය රු. බිලියන 25.4 ක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහජන බැංකුව පසුගිය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව මහජන බැංකු සමුහය 2016 වසර අවසානයේ සිය ඉතිහාසයේ අතිවිශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් රුපියල් බිලියන 25.4 ඉහළම බදු පෙර ලාභයක් ලබාගෙන ඇත. එමෙන්ම සමස්ත දළ ආදායම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. බිලියන 144.7 ක් ලෙස සටහන් විය ( 2015 වසරේ රු. බිලියන 123.8 ක් වු මෙය 16.9% ක වර්ධනයකි.)

2016 වසරේ මහජන බැංකු ශුද්ධ බදු පසු ලාභය රු. බිලියන 18 කි. 2015 දී රු. බිලියන 15.1 ක් වූ මෙය 19.2% ක වර්ධනයකි. ප්‍රතිතක්සේරුකරණය සහ අලෙවිය සඳහා ඇති සංචිත 2016 දෙසැම්බර් 31 වනවිට පිළිවෙළින් රු. බිලියන 11.9 සහ රු. මිලියන 0.3 විය. මෙය ආයෝජනය මෙහෙයුම්වල සියලූ අංශ සම්බන්ධයෙන් ශ=ද්ධ අතිරික්තයක් පෙන්නුම් කරයි.

බැංකු  සමූහයේ හිමිකම් මත ප්‍රතිලාභය 22.7% කි. (2015 වසරේදි මෙය 22.0% කි). බැංකුව පමණක් පදනම යටතේ ගත් කල මෙය 27.5% මට්ටමේ තිබූ අතර මෙය ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයකි. 2015 අවසානයේදි මෙය 27.1% කි. මහජන බැංකුව බදු, විශේෂ බදු සහ ලාභාංශ ලෙස රජයට ලබාදුන් මුළු දායකත්වය රු. බිලියන 22.9 ක් විය. 2015 දි මෙය රු. බිලියන 19.5ක් විය. මේ තුළින් බැංකුව දිගින් දිගටම ජාතික ආර්ථීකයට ලබාදෙන කැපීපෙනෙන දායකත්වය නිරූපණය කරයි.

එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රු. ටි්‍රලියන 1.1 මට්ටමට පැමිණ ඇත. මෙය 2015 අවසානයේ රු. බිලියන 932.9 ක් ලෙස පැවති අතර ඒ අනුව එය 20% ක වර්ධනයකි. ගනුදෙනුකරුවන්ගේ අත්තිකාරම් රු. ටි්‍රලියන 1 ක් විය. 2015 අවසානයේ රු. බිලියන 869.8 ක් වූ මෙය 16.6% කින් වර්ධනය වී තිබේ.

මහජන බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රු. ටි්‍රලියන 1.4 ක් විය. මෙය 2015 වසර අවසානයේදි  රු. ටි්‍රලියන 1.3 ක් වූ අතර පසුගිය වසරට සාපේක්ෂව  11.6% ක වර්ධනයකි.  දළ අක්‍රීය ණය අනුපාතය 1.9% ක් විය 2015 දි මෙය 2.4% කි. මෙය 2013 වසරේ සිට ආරම්භ වූ අඛණ්ඩ වර්ධනයක ප්‍රතිඵල නිරූපණය කරන අතර දස වසරක් තුළ වාර්තා වූ අවම අගයද වේ.  ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය 13.0% විය (2015 දි මෙය 13.8% කි) . පළමු පෙළ 11.1% කි (2015 දි මෙය 11.5% කි . මහජන බැංකුව පමණක් පදනම යටතේ ගත් කල මෙය පිළිවෙළින් 12.1% සහ 9.8% ක් වේ (2015 අවසානයේදි පිළිවෙලින් 12.6%, 9.9%).

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූ අයුරු

“සියලූම පාර්ශ්වකරුවන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදීම සඳහා අප නිරන්තරයෙන් දක්වන කැපවීම නිසා මේ ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීමට අපට හැකියාව ලැබී තිඛෙනවා. 2016 වසරේ වෙළඳපොළ වාතාවරණය ඛෙහෙවින් අභියෝගාත්මක වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාර්ව ආර්ථීක කෝණයෙන් ගත් කල මීට ඉහළ උද්ධමන පීඩනය සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති පැහැදිලිව බලපෑවා. පොලී අනුපාත ඉහළ යාම සහ ආදායම් පීඩනය වැඩිවීම මෙහි ප්‍රතිඵල වුණා. කෙසේ වුවත් ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය, නියාමන පාර්ශ්වයන් වෙතින් ලැබුණු සහයෝගය හා මගපෙන්වීම සහ අභියෝග රාශියක් මැද සාර්ථකත්වය හඹා ගිය අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම වැනි සාධක නිසා අපට මේ ජයග්‍රහණ ලබාගැනීමට හැකිවූවා. මේ වනවිට ආසියාවේ 387 වැනි විශාලතම බැංකුව ලෙස Asian Banker Magazine  විසින් අප නම්කරනු ලැබ තිබීම සහ සාමාන්‍ය කොටස්වල ඵලය අනුව කලාපය තුළ ඉහළම බැංකු 20 අතර පසුවීමට හැකිවීම අපට විශාල ගෞරවයක්. කෙටිකාලීන ඉලක්ක වශයෙන් ගත් කල අපගේ ප්‍රධාන අවධානය යොමුවී තිඛෙන්නේ අපගේ නියාමන ප්‍රාග්ධනය වැඩිකර ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සමග සිදුකෙරෙමින් පවතින සංවාද සහ මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මෑතකදී කැබිනට් අනුමැතිය හිමිවීම වැනි කරුණු මේ සම්බන්ධ සුභවාදී ප්‍රවණතා ලෙස දැකිය හැකියි. අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අපගේ සියලූම පාර්ශ්වකරුවන්ට හදපිරි  ස්තූතියි පළකිරීම සඳහා මා මෙය අවස්ථාවක් කරගන්නවා. අපගේ ජයග්‍රහණය සැබවින්ම ඔබ සැමගේ ජයග්‍රහණයක්.”

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ අදහස්:

“2016 වසර යනු මහජන බැංකුවට ඉතාමත් සුවිශේෂී වසරක්. ව්‍යාපාරික මෙහෙයුම් අතින් අංශ රැසකින්ම ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයන් සනිටුහන් කිරීමට අපට හැකියාව ලැබුණා. එක් වසරක් තුළදී රු. ටි්‍රලියනයේ සීමාව පසුකිරීම් දෙකක් මෙවර වාර්තා වෙනවා. මෙවැන්නක් මෙරට බැංකු ක්ෂේත්‍රයේ වාර්තා වන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්. ඒ වගේම අදායම් ජනන හැකියාව රු. බිලියන 140 සීමාව ඉක්මවා යාම, ණය පොත් සංයුතිය වර්ධනය වීම සහ අක්‍රීය ණය අනුපාතය වසර 10 ක් තුළ අවම අගය වාර්තා කිරීම වැනි සාධක නිසා පෙනී යන්නේ අපගේ අවදානම් කළමනාකරණ වැඩසටහන් රාමුව සහ ණය පියවාගැනීම් ක්‍රියාවලියද වැඩිදියුණු වී ඇති බවයි. 2016 – 2020 කාලසීමාවේ අපගේ ආයතනික සැලසුමේ අංග ලෙස, අපගේ ප්‍රගතිය තව තවත් වේගවත් හා ශක්තිමත් කිරීමේ හැකියාව සහිත වැඩසටහන් කීපයක්ම මේ වනවිට ක්‍රියාවට නංවා තිඛෙනවා. මේ අතරින් ඩිජිටල්කරණ වැඩසටහන ප්‍රධානයි. 2014 වසරේදී ආරම්භ වූ මෙය 2017 වසර අවසාන වනවිට නිමාවේවි යයි කියා අප විශ්වාස කරනවා. මේ ඔස්සේ අපට ජාත්‍යන්තර පිළිගැනීම සහිත තාක්ෂණයක් සහ අතිදක්ෂ කණ්ඩායමක් සමගින් ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා ජාත්‍යන්තර තලයේ විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකියාව ලැබේවි. මේ ලැබූ ජයග්‍රහණවලින් පමණක් සෑහීමකට පත් නොවී, ඉදිරියේ ඇති අභියෝග කෙරෙහි සවිඥානික වෙමින්, අනාගතයේදී මීටත් වඩා පුළුල් ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා නොනැවතී ඉදිරියට යාම අපගේ ඉලක්කයයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *