මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට යොදාගත් වෑන්රථයක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදී එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසේ තිබී මෙම වාහනය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු, යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *