රජිනි කාන්ත්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දිය සුපිරි නළු රජිනි කාන්ත් සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇත.

යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වනදා මෙරට සංචාරයක නිරත වීමට රජිනි කාන්ත්  තීරණය කර තිබුණි.

කෙසේ නමුත් තමිල්නාඩු දේශපාලන පක්ෂවල දැඩි බලපෑම හේතු කර ගනිමින් සිය සංචාරය අවලංගු කිරීමට ඔහුට සිදුවිය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇති රජිණි කාන්ත් ප්‍රකාශ කර ඇත්තේ සුදුසු කාලය පැමිණි විට මෙම සංචාරය සිදුවනු ඇති බවය.

ශ්‍රී  ලාංකික දෙමළ ජනතාව තමන්ට දක්වන ආදරයට ස්තූතිය පළ කරන බව ඔහු අදාළ ලිපියේ දක්වා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *