හිටපු ජනපති ඔබාමාගේ කාලගුණික ප්‍රතිපත්ති වෙනස් කිරීමට නව ජනපති  ට්‍රම්ප් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔබාමා පාලන සමයේ එළඹ තිබූ කාලගුණික විපර්යාසවලට අදාළ ප්‍රතිපත්ති මාලාව වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

එය වෙනස් කරමින් නව විධායක නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව බරක් ඔබාමා පාලන සමයේදී තහංචි පනවා තිබූ ගල් අගුරු කැණීම ඇතුළු පොසිල ඉන්ධන නිෂ්පාදනයට අදාළ රෙගුලාසි ලිහිල් කර ඇති අතර අදාළ විධායක නියෝගයට අත්සන් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා විසින් මෙතෙක් පැවති රැකියා කප්පාදුවට අදාළ රෙගුලාසි ඉවත් කල බවයි.

ඔබාමා විසින් එකඟත්වය පළ කරන ලද පැරිස් කාලගුණික විපර්යාස සම්මුතියෙන් තමා ඉවත් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *