කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහනය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි.

එය අඩුකර ගැනීමට අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි.

යාපනය, කන්කසන්තුරේ නව ඛනිජ තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා යෝජිත භූමිය ඊයේ(29) පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *