රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇතැයි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ  මේ බව සඳහන් කළේ ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (30) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

අද රටේ ආර්ථිකය පසුගිය රජය සමයේ ලබා ගත් ණයවලට යට වී ඇති බවත් රටක් වශයෙන් ණයට යට වුවහොත් වහල්ලුන් බවට පත් වෙන හෙයින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නංවා ගෙන ණය බර ගෙවා දැමිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවද මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බවද කී අගමැති වික්‍රමසිංහ මහතා මේ වසරේ සිට 2026 දක්වා එම ණය ගෙවීමට තිබෙන හෙයින් කෙසේ හෝ ආර්ථිකය ගොඩ ගෙන ඒ ණය ගෙවන ගමන් සංවර්ධන වැඩ කටයුතු කිරීමට ද රජයට සිදු වී ඇතැයි පෙන්වා දුන්නේය.

ඒ සඳහා ලෝකය වටේ ගොස් ශ්‍රී ලංකාවේ හොඳ නම ආරක්ෂා කරගෙන විදේශ ආයොජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමාටත් තමාටත් සිදු වී තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ජනතාව මත ණය බර නොපටවා රුහුණු ආර්ථික කලාපය ඉදි කිරීමෙන් ණය ගෙවීමට හැකි මුදල් සොයා ගැනීමට රජය සැලසුම් කර ඇතැයිද කීය.

මේ ණය ගෙවන ගමන් රටේ විශාල සංවර්ධනයක් ගෙන යන්නේ කෙසේද කියා සෑම සතියකම සාකච්ජා කරන බව කී අගමැති වික්‍රමසිංහ මහතා ගෙවීමට ඇති තිබෙන ණය සහ පොලිය 2017 සිට වැඩි වුණේ හම්බන්තොට වරායේ ණය ගෙවීම ආරම්භ වු නිසා බවද පැවසීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *