රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළේදී සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කළේය.

ගුවන් තොටුපල රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානය තුළ තිබී මෙලෙස හෙරොයින්  සොයාගෙන ඇත.

මෙම හෙරොයින්වල වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 14ක් පමණ වන බව සඳහන්ය.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එම යානය ඊයේ රාත්‍රී 01.05 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ වනවිට ගුවන් තොටුපල රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *