සමෘද්ධි බැංකු හරසර 2017 – නෙලුම් පොකුණේදී

(කොළඹ, ලංකාපුවත්) – දුප්පතුන් අවම කිරීමේ ජාතික මෙහෙයට උරදෙමින් වසර 20 ක් පමණ කාලයක් සුළු ණය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන සමෘද්ධි ප්‍රජා මූල බැංකු ජාලයේ බැංකු 1074 ක් ඇගයීම හා සම්මාන ප්‍රදානය අප්‍රේල් මස 02 වන දින නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

සමෘද්ධි බැංකුව මෙරට දුප්පතුන්ගේ බැංකුවකි. සමෘද්ධි ප්‍රතිලාභි හා අඩු ආදායම්ලාභි ප්‍රජාවට සුළු ණය සේවා සපයමින් ඔවුන්ට දිරිය ශක්තිය ලබාදීම මෙම බැංකුවේ මූලික අරමුණයි. මෙමගින්  දිළිඳු පවුලකට සිය පවුල නගා සිටුවීමට සමෘද්ධි බැංකුවෙන් ලබාගත හැකි මෙහෙය අති විශාලය. විශේෂයෙන්ම ඔවුන්ට ජීවනෝපාය මාර්ගයන් ගොඩනැංවීම සඳහා ණය ආධාර  උපකාර හා සහාය සේවා මේ යටතේ ලබා ගැනීමට හැකියාව ඇත.

සහනාධාර  මානුශිකත්වයෙන් මිදී දිරියෙන් නැගී සිටින්න වෙර දරන අඩු ආදායම්ලාභී පවුල් සමෘද්ධි බැංකු ජාලය වටා මේ වන විට විශාල වශයෙන් එක් රොක් වී සිටී. විශාල පිරිසක් විවිධ ණය වැඩසටහන්වලට සම්බන්ධ වී විවිධ වූ ව්‍යවසායකත්ව වැඩසටහන් වෙත යොමු වෙමින් සිටි එමෙන්ම ග්‍රාමීය මට්ටමින් සැකසුණු පස්දෙනාගෙන් යුතු කුඩා කණ්ඩායම් මඟින් ටිකෙන් ටික ඉතිරි කිරීම්වලට හුරු පුරුදු කරමින් ඔවුන් කණ්ඩායම් ක්‍රියාවලියට අනුගතවෙමින්  සමෘද්ධි බැංකුවේ සාමාජිකයන් බවට පත්ව විශ්වාසයෙන් කටයුතු කරයි. ඒ අනුව සමෘද්ධි බැංකුවල අරමුදල් මේ වන විට බිලියන 143 ක් දක්වා වූ  මුදලකට ඔවුන් හිමිකම් කියයි. ‍

මෙරට අඩු ආදායම්ලාභීන්ගේ ප්‍රාග්ධනය සම්පාදනය කෙරෙන මූලාශ්‍රයක් වන මෙම බැංකු පද්ධතිය මේ වන විට දිවයින පුරා අවරණය වන බැංකු 1074 කින් සමන්විතයි. මේ වටා බැඳී ඇති ප්‍රජා මූල බැංකු ගණන 331 කි. වසර 6 ක පමණ කාලයක සිට මෙම බැංකු ක්‍රියාවලිය පසු විපරමකට ලක් නොවීම හා ඇගයීමකට ලක් නොවීම හේතූවෙන් මේ වන විට විශාල වශයෙන් ක්ෂේත්‍රය තුළ කළමනාකරණ ගැටළු මතු වී පවතී. බැංකුව සතු වත්කම් නිසි කළමනාකරණයට නතු කර ගනිමින් මෙම සියලුම බැංකු ලාභදායි මඟකට ගෙන ඒමට හා නිසි කළමනාකරණය ක්‍රියාවලියට ගෙන යාම කාලීන අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. ඊට පිළියමක් වශයෙන් දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු ජාලය A.B.C.D  වශයෙන් දිවයින ශ්‍රේණිගත කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. ඒ අනුව මෙම බැංකු ක්‍රියාවලියෙන් වැඩිම ණය නිකුත් කර ඇති බැංකුව ඉතුරුම් රාශිකරණය ලාභදායිත්වය අවධානය කළමනාකරණය බැංකු පරිශ්‍රය යනාදි වශයෙන් ඇගයීමට ලක් කර ඇත.

ඒ අනුව දිවයිනේ ප්‍රමුඛතම සමෘද්ධි බැංකු පළමු දෙවන තෙවන වශයෙන් ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික මට්ටමේත් ඇගයීමට ලක් කිරීමට කටයුතු කෙරේ. එසේ තෝරා ගන්නා ලද සම්මානලාභී බැංකු මෙන්ම විශේෂ කුශලතා දැක්වූ නිලධාරින් ඇගයීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය මූලික අරමුණයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *