කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව හා බණ්ඩාරගම ප‍්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීමට යොදාගත් වෑන් රථය සඟවා තබාගෙන සිටි බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත. සැකකරුවන් සතුව තිබී වෑන් රථය සඳහා යොදා ගත් ව්‍යාජ අංක තහඩු දෙකක් ද සොයා ගෙන ඇතැයි වාර්තාවේ.

ඔවුන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද(31) ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *