කොලොම්බියා නාය අනතුරින් 300ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොලොම්බියාවේ පසුගියදා සිදුවු නාය අනතුරෙන් 300 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තවත් 200ක පමණ පිරිසක් අතුරුදන්ව තිබේ. මියගිය අයගෙන් 50කට ආසන්න පිරිසක් ළමයින් බව කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශ කළේය.

පුටුමායෝ පළාතේ සිදුවූ නාය අනතුර වාර්තා වුනේ පසුගිය සෙනසුරාදා ය.  නිරිතදිග කොලොම්බියාවට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග මොකොආ නගරය ජලයෙන් යට විය.  නාය යාමත් සමග ප්‍රදේශයට මඩ හා ගල් පෙරලීම් ද සිදුව තිබේ.

400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.

දහසකට අධික හමුදා හා පොලිස් නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *