දින 15කට වයිකෝ රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයෙකු වූ වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෙන්නායි පොලීසිය මගින් ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත.

2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ඔහු, මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු දින 15ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයකට සහාය නොදක්වන ලෙස ඉන්දීය රජයට අනතුරු අගවමින් වයිකෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය පළ කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව වේ.

වයිකෝගේ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *