පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් 1977ට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – යම් ව්‍යාපාරික ස්ථානයක හෝ යම් සේවා සපයන ස්ථානයක පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977ට දැනුම් දෙන ලෙස  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ජනතාවට දැනුම් දෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ දැනටමත් දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙන බවයි.

සභාපතිවරයා තවදුරටත් කියාසිටියේ,

‘‘ උත්සව කාලයේ දී තවත් ගැටළුක් තියෙනවා. විවිධ පුද්ගලයන් හා සංවිධානාත්මක කල්ලි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හැටියට පෙනී සිටිමින් ඇතැම් අවස්ථාවල දී ව්‍යාපාරිකයන් බිය වද්දා මුදල් හා අල්ලස් ලබාගැනීමට කටයුතු කරන බව අපට මින් පෙර වාර්තා වී තිබෙනවා. එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතා විමසිල්ලෙන් සිටින ලෙස ව්‍යාපාරිකයන්ගෙන් හා මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට තම අනන්‍යතාව පෙන්වා කටයුතු කිරීමට අවශ්‍ය සියලු ක්‍රමෝපායයන් රජයවිසින් සකසා තිබෙනවා. “

සභාපති හසිත තිලකරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ උත්සව සමයේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව දැනටමත් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *